අමුවෙන් කංසා බොන්න සොඳා

Dr. Susantha Ranasinghe
The founder of ‘Nugegoda Ayurvedic Clinic for male and female infertility’ Dr. Susantha is an outstanding Ayurvedic physician & researcher, who has championed the cause of Ayurvedic herbalism in the northern parts of rural India and brought for the benefit of Ayurveda in Sri Lanka.

මා මිත්‍ර ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන්ගේ කංසා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළ වූ අන්තර්ජාල පෝස්ටරයක සඳහන් වූ සටහනකින් පසු මෙම ලිපිය ලිවීමට සිත් විය. මේ දිනවල මා කොළ කැඳ පිළිබඳ ලිපියක් ලියමින් සිටියත් මෙම ලිපිය ඊට කලින් ඔබ අතට පත් කිරීමට සිතුවේ මෙහි ඇති වැදගත්කම නිසාවෙන්ම ය.

ආචාර්ය වැලිඅංගයන්ගේ ත්‍රෛලෝක්‍යවිජයා ග්‍රන්ථයට අමතර තවත් බොහෝ ග්‍රන්ථ මෙම ලිපිය ලිවීම සඳහා මවිසින් පරිශීලනය කළෙමි. ඒ අතර Chronic Relief (A Guide to Cannabis for the Terminally and Chronically Ill by Nishi Whiteley) නම් ග්‍රන්ථය ද විය. මා මිත්‍ර, මගේ ගුරුවරයෙක් බඳු සොයුරු ජ්‍යේෂ්ඨ වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා මැතිඳුන් මට ලබා දුන් අනඟි තිළිණයකි එය.

කංසා පිළිබඳ බොහෝ මිථ්‍යා මත සමාජ ගත වී ඇති අතර, අතිශයෝක්තීන් ද එබඳුමය. එම නිසා කංසාවල බොහෝ ප්‍රයෝජන අතර තවත් එක් ප්‍රයෝජනවත් භාවිතයක් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

කංසා යොදා සකස් කර ගත හැකි බීම වර්ග හා සුප් වර්ග

මෙම ලිපිය සැකසීමේදී ඔබට මෙය ප්‍රායෝගික ලෙස නිර්මාණය කර ගැනීමටත් රස විඳීමටත් පහසු ආකාරයට ලිවීමට හැකි සෑම උත්සාහයක් ම දැරූ අතර, එම නිසා ඔබ මින් ප්‍රයෝජන ගෙන මෙවැනි බීම සාදාගෙන ඒවයේ ගුණ දොස් අප හා සාකච්ඡා කරාවී යැයි හුදෙක්ම බලාපොරොත්තු වන්නෙමු.

කංසා භාවිත වන බොහෝ බීම වර්ග නිර්මාණය සඳහා කංසා යොදා ගන්නේ කංසාවල ස්වභාවික නිස්සාරකයක් ලෙසයි. එම නිසා මුලින්ම අප රටේ භාවිතයට වඩාත් සුදුසු ස්වභාවික ආකාරයට කංසා නිස්සාරක සාදා ගන්නා ආකාරය පළමුවෙන් කියමි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කංසා මල, කොළ, සම්පූර්ණ පැළෑටිය අඬු කෝප්පයක ප්‍රමාණය
  • අඬු කෝප්පයක ප්‍රමාණයක් ඉතා පිරිසිදු ස්වභාවික පොල් තෙල් හෝ ඔලිව් තෙල්

නිස්සාරණයට යොදා ගන්නා උපකරණ

  • කපු රෙදි පෙරහන් කඩක් හෝ එවැනි පිරිසිදු පෙරහනක්
  • ඇඹරුම් ගලක්, මේ සඳහා යාන්ත්‍රික උපකරණ සුදුසු නොවේ
  • ඉතා සියුම් දැල්ලක් ලබාගත හැකි අඩු උෂ්ණත්වක ලබා ගැනීම සඳහා සුදුසු ලිපක් හෝ එවැනි උඳුනක්

සාදා ගන්නා ආකාරය

කංසා ප්‍රමාණය කුඩුවන ආකාරයට අඹරා ගන්න. එය දල කුඩු ලෙස ගත යුතු ය. ඉතා සියුම් කුඩු ලෙස අඹරා ගැනීම සුදුසු නොවේ. පොල් තෙල් හෝ ඔලිව් තෙල් සමඟ කංසා කුඩු එක් කර ලිපේ තබා මඳ ගින්නේ උයා ගත යුතු ය.

රත් කිරීමේදී වරින් වර හැඳිගාමින් රත් කිරීම කළ යුතු ය. මෙලෙස රත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ, කංසාවල ගුණ වඩා හොඳින් ලබා ගැණීමේ හැකියාව දියුණු වීමයි. එහි දී සිදුවන ක්‍රියාදාමය ඉතා කෙටියෙන් මෙහි දක්වමි.

කංසා මල්වල කේශර අඩංගු වේ. මෙම කේශරයන් හි හිසේ, කංසාවල අඩංගු රසායනිකය වන කැනබිනොයිඩ් cannabinoids විශාල වශයෙන් පැතිර පවතී. මෙහි කැනබිනොයිඩ් රසායනික දාමයේ අමතර කාබොක්සිල් (COOH) කාණ්ඩයක් අඩංගු වීම විශේෂයකි. එවිට එය ටෙට්‍රාහයිඩ්‍රොක්සි කැනබිනොලික් අම්ලය tetrahydrocannabinolic acid (THCA) ලෙස හඳුන්වයි. මෙසේ සංශ්ලේෂණය වන (THCA) කංසා අස්වැන්න නෙළුු විගසම කංසා අමු මලෙහි කේශරයන් හි වැඩියෙන් පැතිර පවතී.

මෙය කාබොක්සි හරණයට decarboxylated ලක් කර එම වාෂ්පය ඉරීම හෝ ආහාරයට ගැනීම සාමාන්‍ය පිළිවෙතයි. මෙම රසානිකය මාදක නොවන අතර. එය කාබොක්සිහරණයෙන් (THC) බවට පත් වේ. එවිට ඉතා ශීඝ්‍රයෙන් වාෂ්පශීල වන අතර, ඉක්මනින් පෙනහලු තුළින් අවශෝෂණය කර ගැනීමේ පහසුව ඇති කරයි.

එම නිසා කංසා යොදාගෙන බීම වර්ග සෑදීමේදී මෙම රසායනිකය ඉතා සෙමින් කාලයක් ගෙන මඳ ගින්නේ රත් කිරීමෙන් වඩාත් හොඳින් පොල් තෙල් හෝ ඔලිව් තෙලේ දිය කර ගැනීමේ හැකියාව ලැබේ. මෙම රසායනිකයන් ඉතා හොඳ ප්‍රති දහන anti-inflammatory හා ස්නායු ආරක්ෂක neuroprotective ක්‍රියාවන් ලබා දෙනු ලබයි.

සංස්ලේෂණයේ දී රත් කිරීම ඉතා වැදගත් ක්‍රියාවලියකි. මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාවලියේදී භාවිත කරන්නා වූ උඳුන හෝ භාජන ඉතා වැදගත් ය. එසේම රත් කිරීම කරන්නා වූ කාලය ද වැදගති.

  1. සාමාන්‍ය උඳුනක දී නම් පැය 04-06 අතර කාලය ද,
  2. ද්විත්ව දාහකයක නම් මන්ද උෂ්ණත්වයකින් පැය 06 – 08 අතර කාලයක් ද,
  3. තාච්චියක දමා රත් කිරීම කරන්නේ නම් පැය03 පමණ රත් කිරීම සෑහේ.

රත් කිරීම අතර තුර නිතර හැඳිගාමින් රත් කිරීම ද ඉතා වැදගත් වේ. නැතහොත් ද්‍රව්‍ය පිළිස්සී යා හැකි ය. මෙහි දී සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 118 නොඉක්මවිය යුතු ය.රත් කිරීම අවසානයේ නිවෙන්නට මඳ කාලයක් ලබා දී අදාළ තෙල හා එක් වූ කංසා කුඩු ප්‍රමාණය ඉතා පිරිසිදු දළ රෙදි කඩකින් පෙරා ගත යුතු ය.

මෙහිදී ද යාන්ත්‍රික ක්‍රම උපයෝගී කර ගැනීම සුදුසු නොවේ. එය කංසා තෙල් ද්‍රාවණයේ තත්ත්වය බාල වීමට හේතුවකි. මෙම අවසාන ඵලය පිරිසිදු වීදුරු බෝතලයක දමා මාස දෙකක කාලයක් තබා ගත හැකි අතර, ශීතකරනයක තැබීමෙන් තවත් මාස කීපයක් වැඩිපුර කල්තබා ගත හැකි ය.

මෙලෙස සාදාගත් තෙල් මිශ්‍රණය කංසා අඩංගු බීම වර්ග සෑදීමේදී කංසා වෙනුවට යොදා ගනී.

කංසා නිස්සාරණය කර ගත් පසු එය තෙල් හෝ වෙනම නිස්සාරකය ලෙස යම් බීමකට හෝ පානයකට එක් කිරීමේදී, පළමුව අදාළ මාත්‍රාව මැනගෙන එම තෙල් හෝ නිස්සාරක ප්‍රමාණය එම පානයට හෝ බීමට එක් කර හොඳින් මිශ්‍රවීම සඳහා සොලවමින් මිශ්‍ර කිරීම හෝ යම් අතින් ක්‍රියාකරන උපකරණයකින් මිශ්‍ර කිරීම ඉතා වැදගත් ය. එවිට එම පානය හා අදාළ කංසා අඩංගු මිශ්‍රණය දෙක එකට මිශ්‍රවීම වඩාත් හොඳින් සිදු වේ.

මෙවැනි පානයන් සැකසීමේදී අමුද්‍රව්‍ය ලෙස අමු කොළ වර්ග යොදා ගැනීම බහුල අතර අදාළ අමුද්‍රව්‍ය සියල්ල එකට ගෙන ප්‍රෙන්ච් ප්‍රෙස් French Press ක්‍රමයට හෝ, දළ රෙදි කඩක බැඳ හෝ පීඩනයට පත් කර අදාළ ද්‍රවාණය සමඟ එක් කර බීමට ගත හැකි ය. ද්‍රාවණය ලෙස ගත හැක්කේ,

  1. තේ
  2.  විස්කි
  3. ග්‍රීන් ටී
  4. හරිත බීම වැනි බීමවර්ග යි.

ඉහත බීම වර්ගවලට කෙළින්ම කංසා අඩංගු තෙල් ස්වල්පයක් කලවම් කර හොඳින් මිශ්‍රකර පානයට ගත හැකි ය.

1. හරිත බීම පානය

ශ්‍රී ලංකාවේ හරිත බීම කියා කිව හැකි යමක් එතරම් ජනප්‍රිය ලෙස නැතත්, කොළ කැඳ හරිත බීමකැයි ගත හැකි ය. නමුත් එය රත් කර සාදා ගන්නා හේතුවෙන් නියම හරිත බීමක් ලෙස ගැනීමේ ගැටලු ඇති වේ.

  • විශාල බොකුටු ගෝවා කොළ – 02 (large kale leaves)
  • නිවිති අහුරක් (baby spinach)
  • පාස්ලි පැළ – 05
  • බ්‍රොකොලි පැළ කෝප්පයක ප්‍රමාණය
  • පොත්ත ඉවත් කළ පිපිඤ්ඤා ගෙඩි භාගයක්
  • කොළ ඇපල් ගෙඩි භාගයක්
  • කුඩා කුරුදු පොත්තක් හෝ සුදුලූනු බික් කීපයක්

මෙම මිශ්‍රණය ප්‍රෙන්ච් ප්‍රෙස් ක්‍රමයට හෝ රෙදි කඩක බැඳ පීඩනයක් දීමෙන් පොඩි කර එයට කංසා අඩංගු තෙල් ස්වල්පයක් ද එක් කර හොඳින් මිරිකා ලැබෙන ද්‍රාවණය එකතු කරගෙන පානයට ගැනීම.

ඉහත ආකාරයට හරිත මිශ්‍රණය සාදා එයට විස්කි එක් කර පානයට ගැනීම ද කරයි.

2. Happy Apple Seed

මෙහිදී මෙම පානය නිර්මාණයට ගන්නා සියලු ද්‍රව්‍ය ශීතකර ගැනීම ඉතා වැදගත් ය.

  • කොළ ඇපල් ගෙඩි තුනක්
  • අඟලක පමණ ප්‍රමාණයේ අමු ඉඟුරු කැබැල්ලක්
  • පොත්ත ඉවත් කරන ලද පිපිඤ්ඤා ගෙඩියක්
  • කංසා මිශ්‍රණය සුදුසු ප්‍රමාණයක්
  • සුදු ලූණු බික් කීපයක්

සාදා ගන්නා ක්‍රමය

පළමුව පිළිවෙලින් ඇපල්, අමු ඉඟුරු සහ පිපිඤ්ඤා යුෂ ලබා ගන්න. දෙවනුව සොඳින් තලා කලතා ගත් මෙම යුෂ වීදුරුවලට දමා තේ හැඳි එක බැගින් කංසා මිශ්‍රණය එයට එක් කරන්න. සුදු ලූණු බික බැගින් එයට දමා පානය කරන්න.

3. The Kiwi

කිවි පානය ද ඉතා වැදගත් පානයක් වේ. මේ සාදා ගැනීමෙන් ඔබට එහි රසය විඳගත හැකි ය.

  • කොළ ඇපල් ගෙඩි දෙකයි
  • බොකුටු ගෝවා කොළ දෙකක්
  • පොතු ඉවත් කරන ලද දොඩම් ගෙඩි දෙකයි
  • තේ හැඳි එකක ප්‍රමාණයට කංසා මිශ්‍රණය

ඉහත අනුපිළිවෙලට සියලු ද්‍රව්‍යවල ඉස්ම ලබා ගන්න. එයට කංසා මිශ්‍රණය එක් කර අයිස් දමා හෝ ශීත කර පානය කරන්න.

මෙම යුශවල බොහෝ ඖෂධීය ගුණ අඩංගු වේ. කෙටියෙන් සඳහන් කරමි.

  1. සියලු පිළිකා නැසීමේ ගුණයක් මෙයට ඇත.
  2. ප්‍රති ඔක්සිකාරක ගුණයක් දරයි.
  3.  ශරීරයේ විෂ නාශනයට මේවා ඉතා වැදගත් මෙහෙයක් සිදු කරයි.
  4.  වෛරස ආසාදන රෝග සඳහා ඔසුවක් ලෙස යොදා ගත හැකි ය.
  5.  රුධිර සංසරණය ක්‍රමවත්වීම සඳහා ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි.
  6.  මතකය රඳවා ගැනීමට ඉතා හොඳයි.
  7.  මාංශ පේශී ක්‍රියාකාරීත්වය සඳහා ගුණදායක වේ.
  8.  ශරීරයට සිසිලනයක් ලබා දීමට ද වැදගත් ය.
  9.  ඉතා සුමිහිරි රසයක් ලබා ගැනීමට හැකි වීම.
  10.  දියවැඩියාව හෝ කොලෙස්ටරෝල් තත්ත්වයන් පාලනයට හිතකර වේ.

කංසා යොදා සාදාගත හැකි බොහෝ බීම වර්ග තිබේ. අනෙක ඕනෑම බීම වර්ගයකට කංසා එක්කරගෙන නිර්මාණය කිරීමේ හැකියාවද තිබේ. එම නිසා නිර්මාණාත්මක ලෙස කංසා බීම සාදා ගත යුතු ය.

මේවාට අමතර ලෙස කංසා යොදා සකසාගත හැකි සුප් වර්ගද ඇත.

1. Sweet potato soup with cilantro cream

අවශ්‍ය ද්‍රව්‍ය

  • අඟලේ කොටුවලට කපාගත් පොතු ඉවත් කරන ලද විශාල බතල අල තුනක්.
  • ලුණු සහිත කුකුල් මස් තැම්බුන් හොද්ද කෝප්ප හතරයි low sodium chicken stock
  • කුඩා හතරැස් ලෙස කපාගත් එක් ලොකු ලූණු ගෙඩියක කැබලි
  • ලුණු තේ හැඳි එකයි
  • බීජ සහිත කොච්චි කරල් එකයි
  • තලාගත් ගම්මිරිස් තේ හැඳි එකයි
  • යෝගට් එකයි
  • මේස හැඳි 3-4 ප්‍රමාණයක කංසා අඩංගු තෙල් මිශ්‍රණය
  • කුඩා කැබලි වලට කපාගත් සුදු ලූණු
  • කොත්තමල්ලි කොළ අහුරක්

භාජනයකට කොටු කපාගත් බතල, ලුණු, ලොකු ලූණු කැබලි, කොච්චි කරල දමා එයට කුකුල් මස් තැම්බුන් හොද්ද එක් කරන්න. එය ක්‍රමයෙන් රත්කරන්න. බතල මෘදු බවට පත් වන තෙක් රත් කර, සියල්ල එකට කලතා අඹරා ගන්න. ලුණු හා ගම්මිරිස් එක් කර වෙනත් භාජනයකට දමා සුදු ලූණු, කොත්තමල්ලි කොළ, කංසා තෙල් මිශ්‍රණය, මුහුදු ලුණු ස්වල්පයක්ද එක් කර ගන්න.

පානයට සූදානම් කරගත් සූපය වීදුරුවල හතරෙන් තුනක් දමා, යෝගට් කොත්තමල්ලි ක්‍රීම් එයට දමා පානයට ගන්න.

2. Beef and barley soup හරක් මස් බාර්ලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොඩි කර ගන්නා ලද හරක් මස් රාත්තල් එකයි
  • කෝප්ප එකහමාරක් පමණ පොඩි කරගත් ලූණු
  • තම්බාගත් බාර්ලි කොප්ප හතරක්
  • කුඩා කැබලි වලට කපාගත් සුදු ලූණු
  • කංසා තෙල් තේ හැදි හතරයි
  • තලාගත් රතු බෙල් පෙපර් කෝප්ප එකයි
  • කැබලි කර කපාගත් හතු කෝප්ප තුනයි
  • Bullion paste තේ හැඳි 02
  • ජලය කෝප්ප එකයි
  • හරක් මස් හෝ කුකුල් මස් හෝ එළවලු තම්බාගත් ජලය කෝප්ප දෙකහමාරයි beef or vegetable broth
  • කැබලි කපාගත් කැරට් කෝප්ප දෙකයි
  • කැබලි කපාගත් අර්තාපල් කෝප්ප දෙකයි
  • ලොකු ලූණු කැබලි කපාගත් කෝප්ප එකයි
  • කැබලි කර කපාගත් බෝංචි කෝප්ප එකයි

මීට අමතර ලෙස කුමක් හෝ සුප් සඳහා සුදුසු දේ ඔබගේ කැමැත්ත පරිදි එක් කළ හැකි ය.

සාදා ගන්නා ආකාරය

සාස් පාන් එකකට ලූණු කෝප්ප බාගයක් හා හතු කෝප්පයක් දමා පොල්තෙල් තේ හැඳක් එයට එක් කර විනාඩි එකක් හෝ දෙකක් බැඳ ගන්න.
එයට ජලය හා බුලියන් පේස්ට් දමන්න. සම්පූර්ණයෙන්ම බුලියන් අවශෝෂණය වූ පසු එහි යුෂ ලබා ගන්න. පසුව එක් කිරීම සඳහා හතු කොටසක් තබා පළමුව සාදාගත් හතු යුෂ භාජනයකට එක් කර ගන්න.

තෙල් තේ හැඳි දෙකක්, සුදු ලූණු, ලූණු, සාස්පානට එකතු කරන්න. විනාඩි දෙකක් රත් කරන්න. ඊට පොඩි කරගත් හරක් මස් එක්කර රන්වන් පැහැය එන තෙක් රත් කරන්න. එයට සාදාගත් බාර්ලි, හතු හොද්ද, රතු බෙල් පෙපර් සියල්ල එක් කරන්න. අර්තාපල් ද එයට එක් කරන්න. අනුභවයට විනාඩි 15 පමණ තබා කැරට් ද එක් කරන්න. මෙම මිශ්‍රණයට කංසා තෙල් තේ හැඳි කීපයක් එක් කර ගන්න.

3. Lentil Soup පරිප්පු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කංසා තෙල් මේස හැඳි 2-3 පමණ
  • කුඩා කැබලි කපාගත් ලොකු ලූණු
  • සුදු ලූණු කුඩා කැබලි කපාගත්
  • පරිප්පු කෝප්ප දෙකක්
  • කුකුල් මස් තම්බාගත් හොද්ද හෝ එළවළු තම්බාගත් හොද්ද කෝප්ප දෙකහමාරක් beef or vegetable broth
  • පොල් කිරි අවුන්ස 14
  • ලුණු හා ගම්මිරිස් ස්වල්පය බැගින්

පළමුව ලූණු, සුදු ලූණු, හා කංසා තෙල් මිශ්‍රණය භාජනයක දමා මධ්‍ය මට්ටමේ උෂ්ණත්වයකින් යුතුව විනාඩි දෙකක් රත් කරන්න. අනෙක් සියලු ද්‍රව්‍ය එයට එක්කර මධ්‍ය උෂ්ණත්වයේ සිට අඩු උෂ්ණත්වයට ගෙන පැය දෙක තුනක් හොඳින් රත් කරන්න. පරිප්පු මෘදු බවට හැරී පදමට ආ පසු මිශ්‍රණයේ ද්‍රව්‍ය පොඩි කරගෙන මිශ්‍රණය අර්ධ ඝන තත්ත්වයට පත් කර ගන්න. අවසානයේ කංසා ඇට තේ හැඳි 2-4 ප්‍රමාණයක් එකතු කරගෙන පානය කරන්න…..

අවස්ථාව ලැබෙන අයුරින් කංසා අඩංගු නොයෙකුත් ආහාර සාදා ගන්නා ආකාරය ඉදිරියේදීත් ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. දැන් කංසාවල ගුණාගුණ පිළිබඳ සොයා බලමු.

ආයුර්වේදයට අනුව කංසා තික්ත රසයෙන් යුතු අතර, ලඝු, තීක්ෂ්ණ, රූක්ෂ ගුණ දරයි. වීර්යයෙන් උෂ්ණ වන අතර, විපාකයෙන් කටු විපාකද, ප්‍රභාවෙන් මාදක ද වේ.

  • කංසා වාත සහ සෙම අඩු කිරීමට ද, පිත වැඩිවීමට ද යොදාගත හැකි ය. කංසා ලේපනය කිරීමෙන් හා ස්වේදනය කිරීමෙන් වේදනා නැති වේ.
    හෘදය උත්තේජනය කරයි. නාඩීවල ක්‍රියාව වේගවත් කරයි. ක්‍රමයෙන් නාඩි ස්පන්දනය මන්ද වේ.
  • ස්නායු පද්ධතියේ ඉතා වේගයෙන් කංසා ක්‍රියාකරයි. එම නිසා යම් සුළු පමණින් කංසා ගත්විට සෞම්‍යජනන නමුත් වැඩිපුර කංසා ගැනීමෙන් ප්‍රලාප ජනන තද මත් බවට පත් වේ. නින්ද ඇතිවීමට ඉතා යෝග්‍යයි. වේදනා සමනයට ද සුදුසු ඔසුවකි.
  • ශුක්‍ර ස්ථම්භනය වේ. එනම් දිගු වේලාවක් ලිංගික ක්‍රියාවෙහි යෙදීමේ හැකියාව ඇති කරයි.
  • කංසා ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාවට ඉතා ප්‍රයෝජනවත් ඔසුවක් වන අතර, ක්‍රමවත්ව පාලනයෙන් යුතුව භාවිතා කිරීමෙන් ඉතා හොඳ ගුණ ලැබිය හැකි වුවත් අනිසි භාවිතයෙන් නොයෙක් අතුරු උපද්‍රව ද ඇති කරයි.

කංසා යොදා බොහෝ ආහාර සාදා ගත හැකි ය. ඒවායේ සුමිහිරි රසය ද අධික ය. ගුණයෙන් ද ඉතා ඉහළ ය. එම නිසා කංසා කෙරෙහි පවත්නා බාධක යම් තරමකට හෝ ලිහිල් කර එය ප්‍රයෝජනවත් ලෙස භාවිතයට අවසර ලැබිය යුතු ය. විශේෂයෙන් වෙදකම සඳහා හා ආහාර නිෂ්පාදනය සඳහා කංසා භාවිතයට ගැනීමේ බාධක ඉවත් විය යුතු ය. නමුත් එහි අනිසි භාවිතය ද වළක්වා ගත යුතු ය.

Reference

  1. Cannabis Med, Cannabis Oil: chemical evaluation of an upcoming cannabis based medicine, retrieved November-05-2018
  2. Chronic Relief (A Guide to Cannabis for the Terminally and Chronically Ill by Nishi Whiteley)
  3. ආයුර්වේද ඖෂධ සංග්‍රහය

Add Your Comment