කාන්තා සරුභාවය ට හානි කරන රෝග තත්ත්වයන්

හැඳින්වීම

සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් සෑදීම කියන්නේ ඉතා වැදගත් සිදු වීමක්. මේ තත්ත්වය වයස අවුරුදු 12 පමන සිට ක්‍රමාණූකූලව සිදුවනවා. සාමාන්‍යයෙන් දින 26 – 35 අතර කාලයකදී චක්‍රාණුකූලව මෙය සිදුවනවා. සමහර අවස්ථාවලදී කාන්තාවන්ගේ ඔසප් දෝෂ ඇති විට එම කාන්තාවන්ගේ ඩිම්භ මේරීමේ දෝෂද දැකගත හැකියි. මෙම රෝගාබාධවල නියතම ප්‍රතිඵලයක් ලෙස නිසරුභාවය ඇති වේ. එනම් ඩිම්භ නිසි ලෙස මේරීමකට භාජනය නොවීම, එම පටකයන්ගේ ඇතිවන එන්ඩොමේට්‍රියොර්සිස් තත්ත්වයද නාල අවහිර වීම, ඩිම්භ මේරිම හා පිටවීම, වැනි ස්වභාවිකව සිදු විය යුතු තත්ත්වයන් වලකයි. මෙහිද අවසාන ප්‍රතිඵලය නිසරුභාවයයි.

ඩිම්භ මේරීම පිළිබඳ සාමාන්‍ය තත්ත්වය කුමක්ද?

කාන්තාවකගේ උපතේදීම ඩිම්භ ඩිම්භ කෝෂ තුල රැදී තිබෙනවා. මසකට වරක් ඩිම්භයක් හෝ කීපයක් හොඳින් මෝරා ඩිම්භ කෝෂ වලින් පිටවීමයිග ඩිම්භ මේරීමට දින 12 – 14 වගේ කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් ඩිම්භ ෛසලයක විෂ්කම්භය 18 – 23 මිලිමීටර ප්‍රමාණයටවත් වැඩී තිබිය යුතුයි. එසේ නොවීම ඉතාම හානිකර වෙන්නේ ඇයගේ සරු භාවයටයි. මේ කාලය තුල ඩිම්භය මේරීමට හෝමෝනවල උදව්ව අවශ්‍ය වෙනවා. ඒ සදහා අවශ්‍ය වෙන හෝමෝනය වෙන්නේ  FSH මේ හෝමෝනය සමහර අවස්ථාවලදි නොයෙක් හේතූන් උඩ අඩු වෙනවා. අන්න එවිට ඩිම්භ මේරීම දුර්වල වෙනවා. මෙතත්වය කෙලින්ම බලපානවා සරුභාවය සමග. එම නිසා හැම විටම අපි මේවැනි හෝමෝන නිසි පරිදි සමතුලිතව තබාගත යුතුයි.

මෙම තත්ත්වයන් ඇති වීමට හේතු.

පැහැදිලි හේතුවක් නියම ලෙස දැක්විය නොහැකියි.

  1. හෝමෝන පද්දතියේ අක්‍්‍රමිකතාවන් ඇති කාන්තාවන් අතර ඇති වේ.
  2. හෝමෝන අක්‍්‍රමිකතාවයන් ඇති කරවන දියවැඩියාව (2 වර්ගයේ)
  3. අධික ස්ථූලතාවය,
  4. රුධිරයේ අධිකව කොලෙස්ටරෝල් ඇති කාන්තාවන්ට විශේෂයෙන් ඇති වේ.
  5. ගර්භාෂගත රෝගයක රොග ලක්ෂනයක් ලෙසද මෙවැනි රෝග තත්වයන් ඇති විය හැක.
  6. ජානමය තත්ත්වයන් නිසාද ඇතිවන බව සොයාගෙන ඇත.
  7. ව්‍යායාම කිරීමෙන් තොරව නිශ්ක්‍්‍රීය ජීවිත ගත කිරීම.
  8. මානසික අසමබරතාවය.
  9. වැරදි ආහාර පුරුදු. ( මේද බහුල ආහාර/ අධික සීනි භාවිතය/ ඌෂ්න ආහාර ඝනයට වැටෙන ආහාර වැඩියෙන් භාවිතා කිරීම./ කෘත්‍රිම ආහාර භාවිතය වැඩි වීම./ කෙටි කෑම.)
  10. සමහර ඔෂධ වරග දීර්ඝ කාලීනව භාවිතය.

ඩිම්භ මේරීම පිළිබඳව ඇතිවන වෙනත් අක්‍රමිකතා.

1. ඩිම්භ වඩා විශාලව වර්ධනය වීම.

මෙම තත්ත්වය Follicular Cyst කියා හඳුන්වනවා. Follicular Cyst කාන්තාවන් තුල ඇතිවන ඉතා බහුල තත්ත්වයකි. මෙහිදී ඩිම්භකෝෂ තුල ඇතිවන ඩිම්භ නියමිත දිනට මේරීම සිදු වුවත් එය නියමිත ප්‍රමාණයට වඩා විශාල වීමයි.  එනම්  විෂ්කම්භය මිලිමීටර 23 වඩා විශාල වීමයි. මේ තත්ත්වයේදී එම ඩිම්භය ඩිම්භකෝෂයෙන් ඩිම්භ පිටවීමක් සිදු වන්නේ නැති අතර එම ඩිම්භ ප්‍රමාණයට වඩා විශාල වී අවසන පුපුරා යාමකට බඳුන් වෙයි. නමුත් එවැනි විශාල වූ ඩිම්භ සමහර අවස්ථාවලදී පිටවී සංසේචනයකටද භාජනය වෙයි. එනමුත් එම කළල නියමාකාරයෙන් වර්ධනවී නීරූගී දරුවකු නූපදවයි. ඉතා වැඩි බහුතරයක් මාස තුනකට පෙර ගබ්සාවීමකට භාජනය වෙයි.

මෙහිදී ඩිම්භය විෂ්කම්භය 23මිලි මීටරවලට වඩා විශාල වෙනවා. එය බොහෝ විට නිසියාකාරයෙන් ඩිම්භ කෝෂවලින් පිටවීමකට භාජනය වන්නේ නැහැ. එය දිය බුබුලක් වැනි විශාල වී පුපුරා යනවා. යම් ලෙසකින් මේ ඩිම්භය පිට වී ගැබ් ගැන්වීමක් ශිදු වුවහොත් එය නිසි ලෙස වැදෙන්නේ නැහැ. මේ බව ආයූර්වේද මූල ග්‍රන්ථීන්වල බීජදෝෂ නම් මාතෘකාව යටතේ සඳහන් කරලා තිබෙනවා.

2. Endometriosis/ PCOD/ Fibroids
P.C.O.D (Poly Cystic Ovarian Diseases)

මෙහිදී මේ රෝග අතරින් P.C.O.D   නම් තත්ත්වය ගත් විට ගර්භාෂයේ අර්බුද රාශියක් ඇති විමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතා කුඩා මේ අර්බුද විවිධ ප්‍රමාණයන්ගෙන ඇති වීමට හැකියි. මේවා බොහෝ විශාල වීමෙන් ගර්භාෂය කරා ඩිම්භ රැගෙන එන පැලෝපීය නාළවල අවහිරතාවයන්ද ඇති විය හැකියි.

Fibroids

ෆයිබ්‍රොයිඞ්, මෙයත් ගර්භාශය හෝ ඩිම්භ කෝෂවල ඇති විය හැකි තත්ත්වයකි. මේවාද පැලෝපීය නාල අවහිර කරණාකාරයෙන් පිහිටීමෙන් පැලෝපීය නාල අවහිර වීමට ඉඩ ඇත. නමුත් බොහෝ විට එවැනි හානියක් සෑම ෆයිබ්‍රොයිඞ් එකකින්ම සිදු නොවේ. වැඩි වශයෙන්ම ෆයිබ්‍රොයිඞ් ව්ලින් හානි වනවා අඩුය.

Endometriosis

ගර්භාෂයේ ඇති ඇතුළු පටකය වන Endometriyam හි ඇතිවන ඉතා කුඩා අර්බුද ඇති වීම නිසා ඇතිවන තත්ත්වයකි. මෙහිදී ඇතිවන ප්‍රධානම ලක්ෂණය වන්නේ ඔසප් සමඟ ඇතිවන අධික වේදනාවයි. වරින්වර ඉතා ස්වලප වශයෙන් රුධිරය පිටවීම මෙන්ම, කොහෙත්ම රුධිරය පිට නොවීමත් විය හැකියි. වඩාත් වර්ධනය වූ අවස්ථාවලදී නිසරුභාවයට ප්‍රධානම හේතුවක් වේ.

රෝග නිර්ණයට වැදගත්වන පරීක්ෂා
  1. FSH $ LH $ Progestaron $ Prolactin / ප්‍රමාණය මැන ගැනීම. ( වෛද්‍ය උපදෙස්වලට අනුව කළ යුතුයි.)
  2. ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත් වේ.
ප්‍රතිකාර

මෙහිදී ප්‍රධාන වශයෙන්ම ආයූර්වේද ප්‍රතිකාර වලදී, අදාල රෝගයට හෙතු වූ රෝග මූලයට අවශ්‍ය ප්‍රතිකාරය ලබා දෙන අතර, ඩිම්භ උත්තේජනයට  අවශ්‍යය ප්‍රතිකාර කිරීමයි. මෙම ප්‍රතිකාරය වලට අමතරව,

  1. ශරීරයේ මහත අඩු කර ගැනීම.
  2. ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් වීම. ( එළවළු,/ පළතුරු,/ පලාවර්ග,/ ධාන්‍ය වර්ග වැඩිපුර භාවිතය.)
  3. කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර සීනි මට්ටම නියමාකාරයෙන් තබා ගැනීම.
  4. මනස සමබරව තබා ගැනීම.
  5. ශාරීරික ව්‍යායාම නිසි පරිධි සිදුකිරීම.

Add Your Comment