මඳසරුභාවයේ පැතිරීම හා ඉතිහාසය

Dr. Susantha Ranasinghe
The founder of ‘Nugegoda Ayurvedic Clinic for male and female infertility’ Dr. Susantha is an outstanding Ayurvedic physician & researcher, who has championed the cause of Ayurvedic herbalism in the northern parts of rural India and brought for the benefit of Ayurveda in Sri Lanka.

මඳසරුභාව යනු කුමක් ද?

මඳසරුභාවය ලෙස හඳුනා ගැනෙන්නේ, වසරක කාලයක් අනාරක්ෂිත ලෙස අඹුසැමි සම්බන්ධතා පවත්වා තිබිය දීත් සංසේචනයක් නොවීම යි. අනාරක්ෂිත යනුවෙන් අදහස් කෙරෙන්නේ අඹුසැමි සබඳතා පවත්වා ගැනීමේ දී උපත් පාලන ක්‍රම අනුගමනය නොකර එම සම්බන්ධතා පැවත්වීම යි.

මානවයා නිර්මාණය වූ දා සිට ම නොයෙක් රෝගවලට සම්මුඛ වන්නේ ය. එක් එක් කාලයට හා එම කාලයේ භාවිතාවන්ට අනුව රෝගවල ස්වභාවය වෙනස් වන බව පැහැදිලි ය. ඒ අනුව අතීතයේ ලෝකය වෙලා ගත් සෞඛ්‍ය ගැටලුව වූයේ බෝ වන රෝග කාණ්ඩයට අයත් රෝග යි. ඒ අතර ක්ෂය රෝගය, වසූරිය, කක්කල් කැස්ස, පෝලියෝ ආදී රෝග බහුල විය.

නමුත් විද්‍යාවේ දියුණුවත් සමඟ එම රෝග ක්‍රමයෙන් වියැකී ගිය අතර ලෝකය හමුවේ නව සෞඛ්‍ය ගැටලුවක් නිර්මාණයවීමට ආරම්භ විය. එනම් බෝ නොවන රෝග කාණ්ඩය යි. මඳසරුභාවය ද බෝ නොවන රෝග කාණ්ඩයට අයත් රෝගයකි.මඳසරුභාවයේ බහුලත්වය

මඳසරුභාවය මේ වන විට ඉතා බහුල රෝගාවස්ථාවක් බවට පත් වී ඇත. දරුවන් බලාපොරොත්තුව සිටින සෑම 6 දෙනෙකුගෙන් එක් යුවලක් මඳසරුභාවයෙන් පෙළෙන බව පෙනී ගොස් තිබේ. මේ වන විට ලෝක ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් මඳසරුභාවය සඳහා ප්‍රතිකාර ලබමින් පසු වෙයි.

මෙම රෝගීන් අතරින් බහුතර සංඛ්‍යාවකගේ දරුවන් නොලැබීම සඳහා පුරුෂ මඳසරුභාවය වඩාත් ප්‍රචලිත තනි හේතුව බවට පත් වී ඇත.

ලෝක ජනගහනයෙන් 15% පමණ ප්‍රතිශතයක් මඳසරුභාවයෙන් පෙළෙන බව මේ වන විට අනාවරණය ව ඇත. මේ අතරින් 40% පුරුෂ පක්ෂයේ දෝෂ හේතුවෙන් ඇතිවන මඳසරුභාවය යි.

 
වසරක් පුරා සක්‍රීය අඹුසැමි අසුරක් පැවැත් වූ යුවළක ස්ත්‍රිය ගැබ් ගැනීමක් සිදු නොවුණි නම් එයට පුරුෂ පක්ෂයේ යම් සම්බන්ධයක් ඇති දැයි සෙවීම මේ අනුව ඉතා වැදගත් වේ. මෙලෙස යම් රෝගයක් බහුල වීමේ දී ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අවධානය යොමු වේ.

එලෙස මඳසරුභාවය පිළිබඳ එම සංවිධානයේ අවධානය යොමු වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද පුරුෂ මඳසරුභාවය නිර්ණය කිරීම සඳහා නියමාවලියක් යෝජනා කර ඇත. මෙම නියමාවලියේ පදනම වන්නේ පුරුෂ මඳසරුභාවය සඳහා ප්‍රතිකාර කිරීමේ දී පවත්වා ගත යුතු තත්ත්වයන් පිළිබඳ අවබෝධය ලබා ගැනීම සඳහා සිදු කරණ පරීක්ෂණවල ඒකමිතියක් පවත්වා ගැනීම සහ ශුක්‍රාණු පරීක්ෂණවල තත්ත්වය ආරක්ෂා කිරීම යි.

පුරුෂ මඳසරුභාවය පරීක්ෂා කිරීමේ හා සායනික කටයුතු නිර්ණය කිරීමේ විවිධ ක්‍රමවේද භාවිත වුවත් ඒවා මතභේදාත්මක බව පෙනේ. එනම් සමහර එම වර්ගීකරණයන් විස්තරාත්මක අතර තවත් සමහර වර්ගීකරණයන් වැඩියෙන් විස්තරාත්මක වන තරමට පුරුෂ මඳසරුභාවයට හේතු සෙවීම සඳහා යොමු වී නොපවතී. මේ නිසා මෙම පර්යේෂණවල ඒකමිතිය පවත්වා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ යි. පුරුෂ මඳසරුභාවය ඇති කරන්නා වූ සාධක ලෙස මේවන විට වෘත්තීමය හේතු, පාරිසරික හේතු, ජානමය සාධක ද හේතු වන බව හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ මඳසරුභාවයේ බහුලත්වය

ශ්‍රී ලංකාව වර්ග කිලෝ මීටර් 65610 පමණ වූ කුඩා දිවයිනකි. සමකයට ආසන්නයෙන් දක්ෂිණාර්ධ ගෝලයේ පිහිටා ඇති මෙය ඉතා විශාල මානව හා ජීව විවිධත්වයකින් යුතු ය. වර්ෂ 1960 දී මිලියන 10.986 ක් වූ ශ්‍රී ලංකා ජනගහනය අද වන විට මිලියන් 20.876 කි.

1950 දශකයේ ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය ඉතා අඩු අගයක් ගත් අතර එය 1951 දී 1.56 % කි. ක්‍රමයෙන් වර්ධනය වෙමින් ආ ජනගහන වර්ධන වේගය 1959 වන විට 2.43 මට්ටමට පැමිණි අතර එය 1967 දක්වා විචල්‍ය වෙමින් වුවද යම් ස්ථාවර අගයක් ගත් බව පෙනේ.

1967 දී ද ශ්‍රී ලංකාවේ ජනගහනයේ වර්ධන වේගය වූයේ 2.43 අගය යි. එය වර්ෂ 2000 වන විට 0.51 දක්වා අවම වී නැවත 2003/2004 වන විට 0.82 දක්වා වර්ධන වුවත් නැවත 2017 වන විට 0.35 දක්වා පහත බැස ඇත.

1955 දී 5.8 වූ සාඵල්‍යතා අනුපාතය 2016 දී 2.09 අගය තෙක් අඩු වූ අතර එය 2017 දක්වා ස්ථායීව පවතී. නමුත් 2020 දී 2.03 දක්වා පහත වැටෙන මෙම අගය 2025 දී 1.8 දක්වා පහත වැටෙනු ඇතැයි සැලකේ. 2.09 සාඵල්‍යතා අනුපාතය අනුව ශ්‍රී ලංකාව යම් තරමකට ස්ථායී අගයක ජනගහන වර්ධනය පවත්වාගෙන ගියත් අවදානම් සහගත කලාපයට ඉක්මනින් පැමිණේ යැයි සලකන රටකි.

 
එනම් තවම ස්ථායී අගයක තිබෙන සාඵල්‍යතා අනුපාතය 2025 සිට අවදානම් අගයක් වන 1.8 වෙත යා හැකි හෙයිනි. මේ සියල්ල අනුව පැවසිය හැක්කේ ශ්‍රී ලංකාවේ ජනගහනය මේවන විට යම් ස්ථායී අගයක් ගත්ත ද එය ඉතා අවදානම් අගයක් දක්වා පසුපසට යාමට තව ඇත්තේ ඉතා කෙටි කලක් බව යි. එම නිසා පුද්ගල සරුභාවය පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතු බව පැහැදිලි ය.

ලෝකයේ නොයෙක් කලාප ආශ්‍රිතව මඳසරුභාවය පැතිරී ඇති අයුරු

වර්තමානයේ ලොකෙයේ විවිධ දේශගුණික කලාප තුළ පුරුෂ මඳසරුභාවය පැතිරී ඇති අන්දම සලකා බලන විට පෙනෙන තත්ත්වය ඉතා විචිත්‍ර ය. විවිධ කලාපවල පුරුෂ මඳසරුභාවය පැතිරී ඇත්තේ විෂම ලෙස ය. මේ අනුව,

  1. ආසියා කලාපයේ පුරුෂ මඳසරුභාවයේ ප්‍රතිශතය 37% පමණ වේ
  2. ඔස්ට්‍රේලියා, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව 40% මට්ටමේද,
  3. අප්‍රිකාව 43% ද,
  4. උප සහරා කලාපයේ 20-40% මට්ටමේද
  5. යුරෝපයේ 50% පමණ ද,
  6. මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ 55.73% මට්ටමේද,
  7. උතුරු ඇමරිකා මහද්වීපයේ 50% ද,
  8. ලතින් ඇමරිකාවේ 52% පමණ ද,
  9. මැද පෙරදිග කලාපයේ 60-70% මට්ටමේද පුරුෂ මඳසරුභාවය පැතිරී පවතී.

මඳසරුභාව පිළිබඳ ඉතිහාසය

පුරුෂ මඳසරුභාවය ඉතා ඈත අතීතයේ සිට පුරුෂයන් අතර දක්නට ලැබී ඇති රෝග තත්ත්වයකි. තම බිසවට දරුවන් නොලැබීම හේතුවෙන් සිහසුන පිළිබඳ උරුමය ගැටලු‍ සහගත වේ යැයි බියෙන් තම ප්‍රධාන වෙදනාගේ උපදෙස් පරිදි රටේ වෙසෙන වෙනත් පුරුෂයෙක්ට බිසව හා අඹුසැමි ලෙස ජීවත් වීමට සලසා ඔහුගෙන් ඇය පිළිසිදීමට සලසන ක්‍රමයක් පුරාණයේ තිබූ බව කියවේ. මේ පිළිබඳ උදහරණ මහාභාරත කාව්‍යයේ ද අන්තර්ගත ය.

මඳසරුභාවයය පිළිබඳ අවබෝධය ඉතා ඈත අතීතයේ සිට ම තිබුණත් බටහිර විද්‍යාවට අනුව පුරුෂ මඳසරුභාවය පිළිබඳ ප්‍රථම පර්යේෂණය සිදුව ඇත්තේ ජර්මනියේ දී 1881 දී ය. එහි දී හර් සහ ෆ්‍රව් බී නම් යුවළ දරුවන් ලැබීම පමා වීම සඳහා වෛද්‍ය උපදෙස් පතා ස්ත්‍රී රෝග හා ප්‍රසවවේදී වෛද්‍ය ලෙවී හමු වූහ.

වෛද්‍ය ලෙවී මෙම යුවලට අඹුසැමි සබඳතා පවත්වා ගැනීමට උපදෙස් දී ඒ වහාම කාන්තාවගේ ගැබ් ගෙලෙන් ලබාගත් ශ්‍රාවය පරීක්ෂා කිරීමෙන් එහි ශුක්‍රාණු නොමැති බව දැන එම යුවළේ ප්‍රශ්නය පුරුෂයාගේ බව පවසන ලදි. කිහිප වතාවක් මෙලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව ෆ්‍රව් මහතාගේ මඳසරුභාවය පිළිබඳ තහවුරු ක්‍රීම වෛද්‍ය ලෙවී විසින් සිදු කරන ලදි.

1866 දී මඳසරුභාවයේ වසංගතවේදය පිළිබඳ මැතිව්ස් ඩන්කන් විසින් රචනා කරන ලද Fecundity, Fertility and Sterility නම් ග්‍රන්ථය මඟින් මඳසරුභාවයේ වසංගතවේදය පිළිබඳ සාකච්ඡා කර ඇත. මඳසරුභාවයේ වසංගතවේදය පිළිබඳ අනෙක් වැදගත් කෘතිය වන්නේ 1992 දී ටෙම්ප්ලේටන් විසින් පළ කරන ලද o Epidemiology and Referral Practice ග්‍රන්ථය යි.

අතිවිශාල ජනගහනයක් අතුරින් මඳසරුභාවය ගණනය කිරීමේ බොහෝ ප්‍රායෝගික ගැටලු‍ පවතින බව පැහැදිලි ය. එම නිසා විශාල සහභාගීත්වයක් සහිත මඳසරුභාවය පිළිබඳ සමීක්ෂණ ඉතා හිඟ ය. තොන්ග් සහ ස්පයිරා 1990 දී සිදු කළ පවුල් වර්ධනය පිළිබඳ සමීක්ෂණය එම ගණයේ සමීක්ෂණ වලට හොද උදාහරණයකි.

එහි දී දරුවන් ලැබීමේ හැකියාව ඉහළ හා මඳසරු බවින් පෙළෙන පවුල් පිළිබඳ සමීක්ෂණයෙන් ගණනය කර තිබේ. මීට අමතර ව තවත් සමහර කතුවරුන් විසින් කරන ලද සමීක්ෂණ අනුව මඳසරුභාවය ආකාර දෙකකින් වර්ගීකරණය කර තීබි. එනම් සුව කළ හැකි සහ සුව කළ නොහැකි මඳසරුභාවය ලෙසිනි. ග්‍රීන් හෝල් සහ වෙසේ විසින් 1991 දී මේ පිළිබඳ කරන ලද සමීක්ෂණය ඉහළ අගයක් ගන්නා සමීක්ෂණයකි. මෙහි දී ප්‍රාථමික මෙන් ම ද්වීතියික මඳසරුභාවය පිළිබඳව ද යම් අගැයීමක් සිදු කර තිබේ.

මඳසරුභාවය සඳහා ඇති හොදම පිළියම් වලින් එකක් ලෙස කෘත්‍රිම ගැබ් ගැන්වීම් ක්‍රම පෙන්වා දිය හැකි ය. එවැනි කෘත්‍රිම ගැබ්ගැන්වීමක් ප්‍රථමවරට සිදු කෙරුණේ වර්ෂ 1884 දී ය. එහි දී සායනික මහාචාර්යවරයෙක් තමාගේ ශිෂ්‍යයක්ගෙන් ලබා ගත් ශුක්‍රාණු සාම්පලයක් පුරුෂ නිසරුතාවයෙන් පෙළෙන පුරුෂයෙක්ගේ බිරියට ඇගේ අනුදැනුමකින් තොර ව කෘත්‍රිම ව ගර්භාෂගත කරන ලදි. එය පර්යේෂණ වාර්තාවක් ලෙස ඊට වසර විසි පහකට පසු ප්‍රකාශයට පත් කරන ලදි.

ශුක්‍රාණු බැංකු ක්‍රමය ආරම්භ කෙරුණේ 1920 දී අයෝවා වෛද්‍යවිද්‍යාලයේ පර්යේෂක ජෙරම් ෂර්මන් සහ රේමන්ඞ් බන්ග් යන දෙදෙනා විසිනි.

1980 දශකයේ භාවිත කළ කෘත්‍රිම ගැබ් ගැන්වීම් ක්‍රමයක් ලෙස Direct Intraperitoneal Insemination (DIPI) හඳුන්වා දිය හැකි ය. මෙය ක්ෂුද්‍ර ශල්‍ය කර්මයක් මඟින් කාන්තාවගේ උදරයේ කැපුමක් කර හෝ සියුම් සිදුරක් ඇති කර හෝ එන්නත් ක්‍රමයෙන් පුරුෂ ශුක්‍රාණු ගර්භාෂගත කිරීම සිදු විය.

මෙය දැන් භාවිත නොකරයි. මෙම කන්තාවගේ ශරීරය තුළ සංසේචනය සිදු කිරීමේ ක්‍රම සියල්ල සාර්ථකත්වය අතින් ඉතා පහළ අගයක තිබේ. එනම් මෙහි සාර්ථකත්වය 30% නොඉක්මවයි. වර්තමානයේ භාවිත කරන්නේ Inter Uterine Insemination (IUI) ක්‍රමය යි.

Add Your Comment