ඩිම්භ කෝෂවල අඩංගුවන සජීවී සහ ක්‍රියාකාරී ඩිම්භ සංඛ්‍යාව සරුභාවය සදහා බලපාන ආකාරය සහ ඒ පිළිබඳව ඇති ආයූර්වේද ප්‍රතිකාර ක්‍රම.

Dr. Susantha Ranasinghe
The founder of ‘Nugegoda Ayurvedic Clinic for male and female infertility’ Dr. Susantha is an outstanding Ayurvedic physician & researcher, who has championed the cause of Ayurvedic herbalism in the northern parts of rural India and brought for the benefit of Ayurveda in Sri Lanka.

හැඳින්වීම

කාන්තාවකට උපතින්ම ඩිම්භ කෝෂ යුගලක් සතුය. එහි ප්‍රධාන කාර්ය්‍ය වන්නේ ඩිම්භ හෙවත් කාන්තා බීජ රඳවා ගැනීමයි. උපතින්ම ඩිම්භ කෝෂ වල මිලියනයක් පමණ ඩිම්භ පවතී. මුලු ජීවිත කාලය තුළම කාන්තාවකගේ ඩිම්භ වලින් ප්‍රයෝජනය ගැනෙන්නේ ඩිම්භ 400 පමණ ප්‍රමාණයකි. වයසට යාමේදී කාන්තා ඩිම්භ යම් ප්‍රමාණයකට තම ජීවී භාවය අඩු කර ගනී. එලෙස අඩුවන ඩිම්භ වල සක්‍රීය භාවය නැති වී යාම සිදු වන්නේ ආර්ථවහරණයත් සමඟයි. ආර්ථව හරණයේදී ඔසප් සෑදීම නවතින්නේ හෝමෝන ක්‍රියාවලියේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි.

මෙම අජීවී ඩිම්භ ඇති වීම සෑම කාන්තාවකගේම වයස තිස් ගණන්වල මැදහරියේදී ආරම්භ වී වයස අවුරුදු 45 පමණ වන විට සම්පූර්ණයෙන්ම ඩිම්භවල ක්‍රියාකාරීත්වය නවතී. මෙම ක්‍රියාවට හේතු වන්නේ කාන්තාවකගේ ලිංගික හෝමෝන වල ඇතිවන අසමබරතාවය සහ අප වැඩිපුර අසා නැති ප්‍රති මුලේරියල් AMH හෝමෝනයේ අඩු වීමයි.

ප්‍රති මුලේරියල් AMH හෝමෝනය යනු කුමක්ද?

මෙය කාන්තා හෝමෝනයක් වන අතර එමගින් ජීවී ඩිම්භ සංඛ්‍යාව ආරක්ෂා කරයි. යම් ලෙසකින් ප්‍රති මුලේරියල් හෝමෝනය පහත වැටුනොත් එමගින් ඇතිවන ප්‍රතිඵලය වන්නේ ජීවී ඩිම්භ සංඛ්‍යාව අඩු වීමයි. එනම් රුධිරයේ ඇති ප්‍රති මුලේරියල් හෝමෝන ප්‍රමාණය ඇයගේ සක්‍රීය ජීවී ඩිම්භ සංඛ්‍යාව සමග සම්බන්ධකමක් පෙන්වයි. මේ නිසා මෙම අගය මැන ගැනීම මඳසරුභාවයෙන් පෙළෙන කාන්තාවකට ඉතා වැදගත්ය.

සජීවී ක්‍රියාකාරී ඩිම්භ සෛල අඩු වීමට ගොදුරු විය හැක්කේ කුමන ආකාරයේ කාන්තාවන්ද?

මෙවැනි අය බොහෝ විට,

  1. ආර්ථවහරණය කලින් සිදු වීමේ පවුල් ඉතිහාසයක් දරයි.
  2. ඩිම්භ කෝෂ වල යම් යම් ශල්‍යකර්ම සිදු කල කාන්තාවන්.
  3. එන්ඩොමේට්ට්‍රියෝසිස් නමැති රෝගය ඉතාම දරුණු ලෙස ඇති කාන්තාවන්.
  4. විකිරණ ප්‍රතිකාර වලට ලක් කිරීමකට භාජනය වූ කාන්තාවන්.
  5. අවුරුදු 38 අඩු කාන්තාවන් අතරින් මේ අවදානමට ලෙහෙසියෙන්ම ලක් විය හැක්කේ සමාජ, ආර්ථික සහ පෞද්ගලික හේතු මත දරු උපත් පමා කළ කාන්තාවන් මේ උවදුරට ලෙහෙසියෙන්ම ගොදුරු විය හැකියි.
  6. නොයෙක් හේතු මත දරු උපත් පමා වූ ඒ සදහා නොයෙක් ප්‍රතිකාර ක්‍රම වලට යොමු වූ කාන්තාවන්
  7. අවුරුදු 40 වඩා වයස් ගත වූ කාන්තාවන්.
  8. වයස අවුරුදු 40 වඩා වයස් වූ නමුත් දරු උපත් බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ලබන කාන්තාවන්. ( ඩිම්භ මෝචනය කෘතිමව උත්තේජනය කරනු ලබන කාන්තාවන්.)

නමුත් බොහෝ ඩිම්භ කෝෂ තුළ සජීවී ඩිම්භ අඩු කාන්තාවන්ගේ මේ තත්ත්වය නිසි පරීක්ෂණයක් මගින්ම හදුනා ගත යුතුයි. එනම් සැඟ වී ඇති තත්ත්වයක් ලෙස මේ රෝගය ඇති කාන්තාවන් ඉතා බහුලය.

ප්‍රති මුලේරියල් හෝමොන තිබිය යුතු සාමාන්‍ය අගයන් වන්නේ

  • සාමාන්‍ය අගය නැනෝග්‍රෑම් පර් මිලි ලීටර් 0.7 සිට 3.5 දක්වාය.
  • 0.3 සිට අගය අඩු විමේදී ඩිම්භ වල සඵලතාවය නැති වේ.
  • 0.3 – 0.7 දක්වා අගය වන්නේ සඵලතාවයේ අවම මිම්මයි.
  • අගය 3.5 සිට 5 දක්වා සඵලතාවයේ ඉහළ අගයයි.
  • අගය 5ට වඩා වැඩි වීමේදී එය අවදානම ඉහළ අගයක් වේ. එනමුත් පොලිසිස්ටික් අවස්ථාවේදී මේ ඉහල අගය ඇති වීම යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි අවස්ථාවකි.

මේ තත්ත්වය සදහා ආයූර්වේද ප්‍රතිකාර තිබේද?

පැහැදිලිවම මේ වැනි තත්ත්වයන් ආයූර්වේද ප්‍රතිකාර මගින් බොහෝ සාර්ථකව සුව කළ හැකිය. එනම් මේ සජීවී ඩිම්භ ප්‍රමාණය වැඩි කර ගැනීම සදහා අවශ්‍ය රසායනිකය වන DHEA – de hydro epi androsterone ආයූර්වේද ඖෂධ වල අඩංගු වන බැවින් ක්‍රමානුකූල ආයූර්වේද ප්‍රතිකාර මගින් මේ තත්ත්වය සුව පත් කර ගැනීමේ බලාපොරොත්තු තබා ගත හැකිය.

යම් කාන්තාවකගේ ඔසප් චක්‍රය ඉතාමත් අක්‍රමවත් නම්. දිගු කලක් තිස්සේ ඔසප් සෑදීම සිදු නොවේ නම් එම කාන්තාවන්ගේ සජීවී සක්‍රීය ඩිම්භ සංඛ්‍යාව මැන ගැනීම වැදගත්ය. එවැනි කාන්තාවන්ට දරුවන් ලැබීම පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිය. එනම් ඩිම්භ සෛල උත්තේජනය එතරම් වැඩි වාර ගණනක් සිදු නොවූ නිසා ඇයගේ වයසට සරිලන තරම් හානියක් ඇයගේ ඩිම්භ සෛලවලට සිදු නොවී තිබිය හැකිය. මෙවැනි අයත් ආයූර්වේද ප්‍රතිකාර මගින් කරනු ලබන ප්‍රතිකාර වලට සුදුසු අයයි.

Add Your Comment