මඳසරුභාවය හා මානසිකත්වය

Dr. Susantha Ranasinghe
The founder of ‘Nugegoda Ayurvedic Clinic for male and female infertility’ Dr. Susantha is an outstanding Ayurvedic physician & researcher, who has championed the cause of Ayurvedic herbalism in the northern parts of rural India and brought for the benefit of Ayurveda in Sri Lanka.

දැරියක් මව් කුසින් මෙලොව එළිය දකින්නේ මව් පදවිය ලැබීමේ උතුම් වරප්‍රසාදය ද සමඟිනි. ඇය වැඩිවිය පැමිණ විවාහ වී දිනෙක මවක් බවට පත්වෙනු ඇත. නමුත් අද වර්තමානය වන විට බොහෝ කාන්තාවන් හා පුරුෂ යන දෙපාර්ශවයටම මෙම උතුම් වරප්‍රසාදය අහිමි වී යමින් පවතියි. ඒ මදසරු බවට පත්වීම නිසාය. මේ තත්ත්වය කෙරෙහි වර්තමාන සමාජ රටාවත් සමඟ පවතින හේතු සාධක බලපානු ලබයි.

මානසික ආතතිය ප්‍රධාන හේතුවක්

බොහෝ විට ශාරීරිකව දරුවෙක් ලැබීමට කිසිදු අඩුපාඩුවක් නොමැති නමුත් දරුඵල අහිමි කාන්තාවන් අප අතර ඕනෑ තරම් සිටි. මෙයට ප්‍රධානතම හේතු සාධකය වන්නේ මානසික ආතතියයි. වර්තමානයේ පවුල් වල සැමියා හා බිරිඳ යන දෙදෙනාමම රැකියා රැකියාවල නිරත වීම දැකිය හැකිය. මේ නිසා කාර්යබහුල ජීවිතයක් ගත කිරීම හේතුවෙන් යහපත් ලිංගික ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් ගොඩනගා ගැනීම ඉතා අපහසුය. දෙදෙනා සම්බන්ධවම එය පොදු කාරණයකි. ඇතැම් විට දෙදෙනාගේ රැකියාවේ ස්වභාවය මත දුරස් වී ජීවත් වීමට සිදුවන අවස්ථා වැඩිය. මෙවන් වූ කාරණා මත දෙදෙනාගේ මානසික සංතෘප්තිය පවතින්නේ ඉතා පහළ මට්ටමකක ය. මානසික ආතතිය යනු හෝර්මෝන අක්‍රමිකතා ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවකි. මානසික හේතුන් කාන්තාවන් හා පුරුෂයන් දෙපාර්ශවයම මඳසරු බවට පත් කිරීමට හේතුවකි.

විවාහ වන නිසි වයස ප්‍රමාද වීම

අද පවතින සමාජ රටාවත් සමඟ දැරියක් උසස් අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යාලයෙන් පිටවී රැකියාවක් සොයාගෙන විවාහ වන විට බොහෝ විට ඇයගේ විවාහ විය යුතු සුදුසු වයස පමා වී ඇත. බොහෝ විට ඉන් පසුවත් විවාහ වන්නේ තමා බලාපොරොත්තු වූ පුද්ගලයා නොවිය හැකිය. මෙවැනි විවාහයකින් පසු ඔවුනගේ මානසිකත්වය ඇත්තේ යහපත් තත්ත්වයක නොවේ. එසේම ශාරීරිකවත් දරුවකු හැදීමේ හැකියාව ඇය කෙරෙන් ගිලිහී ගොස් තිබිය හැකිය.

ආහාරපාන රටාව හා ව්‍යායාම් නොමැතිකම

කාර්යබහුල ජීවන රටාවත් සමග බොහෝ දෙනා ක්ෂණික ආහාර ලබා ගැනීමට යොමු වී සිටි. එසේ ම සකස් කළ කෘතිම රසකාරක අඩංගු ආහාරපාන ආදීය ශරීරයට ලබා ගැනීම තුළින් ශරීරයේ අභ්‍යන්තරිකව ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමට ඇති ඉඩකඩ ඉතා ඉහලය. මෙය ඍජු ලෙසම දරුඵල නොලැබී යාමට හේතුවේ. සමබල ආහාර වේලක් නොමැතිවීමෙන් රක්තහීනතා ලක්ෂණ ඇතිවේ. හෝර්මෝන වල සමතුලිතතාව කෙරෙහි ද බලපෑම් ඇති වීම සිදු වේ. මේ නිසා පෝෂදායී සමබල ආහාර වේලක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක. තාක්ෂණයේ දියුණුවත් සමඟ සියලු දේ ඉතා පහසුවෙන් කර ගැනීමට හැකි වීම මත එදිනෙදා ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොලැබීයයි. එමඟ‘න් ශරීරයේ අධික ලෙස මේදය තැන්පත් වී විවිධ රෝගාබාධ මෙන්ම අධික තරබාරුව ඇති වේ. ඩිම්බ කෝෂවල තෙල් තැන්පත්වීම හේතුවෙන් ඩිම්බ මේරීමේ අපහසුතා ඇතිවේ. මෙවන් තත්ත්වයන් මත කාන්තාවන්ට මඳසරු බව ඇතිවිය හැකිය. මේ නිසා පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ලබා ගැනීම හා ව්‍යායාම, දරුඵල ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව මතක තබා ගත යුතුය.

පරිසරයේ දූෂිත බව ප්‍රජනන ඉන්ද්‍රියන්ට බලපානු ලබයි.

වර්තමානයේ වාහන දුම්, රසායනික ද්‍රව්‍ය ආදිය නිසා අප අවට ඇත්තේ දූෂණය වූ වායුවකි. අපි ආශ්වාස කරනු ලබන්නේ මෙම දූෂිත වායු වර්ගයි. මේවා රුධිර සංසරණය ඔස්සේ ශරීරය පුරා ගමන් කරයි. ප්‍රජනන පද්ධතියට මෙම අහිතකර ද්‍රව්‍ය වලින් එල්ලවිය හැකි බලපෑම් මත දරුඵල අහිමි වී යා හැකි අතරම තවත් බොහෝ රෝග කෙරෙහි ද හේතු සාධක වේ.

ඇඳුම් පැළඳුම් හා සනීපාරක්ෂාව

කාන්තා පුරුෂ යන දෙපාර්ශවයම තමන් අඳින පළඳින ඇඳුම් පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. ශරීරයට ඉතා හිර ඇඳුම් ඇඳීම මගින් අවශ්‍ය පමණට වඩා ශරීරය තුළ උෂ්ණත්වය රැඳී පැවතීම ප්‍රජනන ඉන්ද්‍රියන්ට හිතකර නොවේ. විශේෂයෙන් තද යට ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුය. එසේම කායික පවිත්‍රතාවය ඉතාම වැදගත්ය. මෙය ශරීර ඉන්ද්‍රියන් වලට මෙන්ම එකිනෙකා කෙරෙහි ලිංගික ආකර්ෂණය ඇති වීම කෙරෙහිද බලපානු ලබන කරුණකි. අපිරිසිදුකම නිසා බැක්ටීරියා වර්ග හා විවිධ රෝගකාරක විෂබීජ වර්ධනය වී ලිංග ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමට ඇති හැකියාව වැඩිය.

ඖෂධ වර්ග ලබා ගැනීමේදී දෙවරක් සිතන්න.

කිසිදු සැළකිල්ලකින් තොරව, අධිමාත්‍රාවන් ගෙන් ඉතාම සුළු රෝගයකට පවා විවිධ ඖෂධ වර්ග වලට යොමු වීම වර්තමානයේ සුලභව දැකියි. ඇතැම්විට ඒ වෛද්‍ය නිර්දේශයකින් පවා තොරව විය හැකිය. එසේම උපත් පාලනය සඳහා දීර්ඝ කාලීනව විවිධ ඖෂධ වර්ග හා එන්නත් ලබා ගනී. මෙම ඖෂධ වර්ගයන්ගේ බලපෑම ද පසුකාලීනව මඳසරුභාවය ඇති වීමට හේතුවිය හැකිය.

Add Your Comment