පුරුෂ මඳ සරුභාවය

Dr. Susantha Ranasinghe
The founder of ‘Nugegoda Ayurvedic Clinic for male and female infertility’ Dr. Susantha is an outstanding Ayurvedic physician & researcher, who has championed the cause of Ayurvedic herbalism in the northern parts of rural India and brought for the benefit of Ayurveda in Sri Lanka.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාව වර්තමානයේ ඉතාමත් බහුල තත්ත්වයට පත් වී ඇති රෝගයක් වන පුරුෂ මඳ සරුභාවය පිළිබඳව කුමන අදහසක් දරනවද?

ආයූර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියවුණු ග්‍රන්ථ වන චරක සංහිථාවේ සහ සුශ්‍රැත සංහිථාවේදී මේ ගැන ඉතා විස්තරාත්මකව සඳහන් වෙනවා. චරක ග්‍රන්ථයේ ශරීරස්ථානයේදී සහ සුශ්‍රැත ග්‍රන්ථයේ නිදානස්ථානයේ ශුක්‍රදෝෂ නිධාන අධ්‍යාය, ශරීරස්ථානයේ ගර්භවක්‍රාන්ත අධ්‍යායේදී මේ විෂය පිළිබඳව ඉතා පුළුල් අධ්‍යනයක් කර තිබෙනවා.

මේ ග්‍රන්ථවල එන ඉතාම වැදගත් දෙයක් තමයි. පුරුෂ මඳ සරුභාවයට හේතු. මේ කරුණ මාධව නිධාන ග්‍රන්ථයේ තවත් විස්තර සහිතව දක්වා තිබෙනවා.

පුරුෂ මඳ සරුභාවයට හේතු සඳහන් කර ඇත්නම් ඒ හේතුත් වර්තමානයේ පුරුෂ මඳසරුභාවයට හේතුවන හේතූනුත් අතර සමානකමක් තිබේද?

පැහැදිලිවම ඉතාම ලඟ සමානකමක් තිබෙනවා. ප්‍රධානවම පුරුෂ මඳසරුභාවයේදී එය ඇති වීමට බලපාන හේතූන් එදා මෙන්ම අදත් කොටස් කරන්නේ ඉතාම සමීප පිළිවෙලකටයි. එනම්,

  1. ශුක්‍රාණූන්වල ඇතිවන දෝෂ ( හැඩයේ, ක්‍රියාකාරීත්වයේ, සංඛ්‍යාවේ දෝෂ )
  2. ශුක්‍ර තරලයේ ඇතිවන දෝෂ (ශුක්‍ර තරලයේ ඝනකම වෙනස්වීම, ද්‍රාව්‍ය ස්වභාවයේ ඇතිවන වෙනස්කම්, ආම්ලිකතාවයේ ඇතිවන වෙනස්කම්, තරලයේ අඩංගු විය යුතු රසායනික උපාධානවල ඇතිවන වෙනස්කම්,)
  3. වෙනත් රෝගයක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන පුරුෂ මඳසරුභාවය. (දියවැඩියාව, ආසාත්මික රෝග, කම්මුල්ගාය වැනි රෝග නිසා,)
  4. පුරුෂ ව්‍යුහාවේ ඇතිවන යම් යම් ව්‍යුහාත්මක වෙනස්වීම නිසා ඇතිවන පුරුෂ මඳ සරුභාවය. (ශුක්‍රප්‍රණාලිකාවල ඇතිවන නහර ගැට ගැසීම්, කුඩා අර්බුධ, ගෙඩි වැනි තත්ත්වයන්, හර්නියා තත්ත්වයන්,)
  5. මානසික තත්ත්වයන් එදිනෙදා කටයුතුවලදී මිනිසා මුහුණ පාන නොයෙක් ගැටළු සහගත තත්ත්වයන් නිසා වන මානසික ආතතිය වැනි තත්ත්වයන් නිසාද ශුක්‍ර නිෂ්පාදනයේ දුර්වලකම් ඇති විය හැක.
  6. ආගාත වැනි තත්ත්වයන්.
  7. කාර්මික උවදුරු. විකිරණ, රත් වීම, නොයෙක් රසානික ආශ්‍රිත රැකියා.
  8. ආයූර්වේදයේදීත් පුරුෂ මඳසරුභාවයට හේතුවන කරුණු මේ ලෙසම ඛාන්ඩ වශයෙන් සඳහන් වෙලා තිබෙනවා.

ආහාරය මේ සඳහා බලපානවද?

ආහාරය නිසා පුරුෂ මඳ සරුභාවය ඇති වීමට විශාල ඉඩක් තිබෙනවා. ඉතාම මෑතකදී සිදු වූ පරීෂණයකින් පෙනීගියා පුරුෂ මඳ සරුභාවය සඳහා අධික මේද බහුල ආහාර හේතුවන බව. එම මේද සහිත ආහරය මගින් පුරුෂ මඳ සරුභාවය ඇති වනවා කියන කරුණ ආයූර්වේද ග්‍රන්ථවල ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා.

Fatty Diets May Be Associated With Reduced Semen Quality – ScienceDaily (Mar. 13, 2012)

ව්‍යායාම ගැනත් වර්තමානයේ විශාල වශයෙන් සාකච්ඡා වෙනවා. මේ ව්‍යායාමය පුරුෂ මඳසරුභාවය සඳහා බලපෑමක් කරනවද?

ආයූර්වේදයේ සටහන් වෙන විදියට අති ව්‍යායාමයත්, මන්ද ව්‍යායාමයත් කියන දෙකම පුරුෂ මඳසරුභාවය සදහා හේතු වෙනවා. ඒ නිසා තම ශරීරයට අවශ්‍ය පමණට ව්‍යායාමයට යොමු වීම ඉතාම වැදගත්.

ප්‍රතිකාර

මෙම රෝග වලට ආයූර්වේද ප්‍රතිකාර කිරීමේදී රෝග වලට හේතු ඉවත් කිරීම ප්‍රධාන වෙනවා. ඒ සඳහා ආයූර්වේද ග්‍රන්ථවල ඇති චිකිත්සාවන් පිළිපැදිය යුතුයි.

මෙම මඳසරුභාවයට හේතුවන හෙතූන් සහ ඒවාට කළයුතු ප්‍රතිකාර විශාල ලෙස ආයූර්වේදයේ සඳහන් වෙනවා. නවීනයේ ඇති රෝග නිර්ණය කිරීමේ ක්‍රමවේදයන් ප්‍රයෝජනයට ගෙන රෝගය ඉතා පහසුවෙන් අද හදුනා ගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මගින් මෙවැනි ක්‍රමයෙන් බහුල වෙමින් පවතින රෝග අද ඉතාම නිවැරදිව සුව කර ගැනීමේ හැකියාව පවතිනවා.

Add Your Comment