Fatty Liver Part 02

Dr. Susantha Ranasinghe
The founder of ‘Nugegoda Ayurvedic Clinic for male and female infertility’ Dr. Susantha is an outstanding Ayurvedic physician & researcher, who has championed the cause of Ayurvedic herbalism in the northern parts of rural India and brought for the benefit of Ayurveda in Sri Lanka.
Non-alcoholic_fatty_liver_disease1
Nephron [CC BY-SA 3.0], via Wikimedia Commons

මෙම ලිපියේ පළමු කොටස 
 
ෆැටි ලිවර් රෝගය පිළිබඳ ඉහත සාකච්ඡා කෙරුණි. එහි දී රෝගය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරන ලද අතර, මෙම ලිපියේදී පසුගිය ලිපියේ අඩංගු දෑ පිළිබඳ කෙටි මතක් කිරීමක් සමඟ තවත් ඉදිරියට ෆැටි ලිවර් පිළිබඳ දැන ගනිමු…ෆැටි ලිවර් ඇතිවන්නේ අක්මා සෛලවල මේදය නිපදවීමට ආරම්භවීමෙනි. මෙය නැවත නිරෝගී මට්ටමට පැමිණිය හැකි රෝගයකි. එසේ සුව කිරීමට හැකි වන්නේ රෝගයේ ආරම්භක අවදියේ දී හඳුනා ගැනීමෙන් පමණි. එසේ නොවුන විට එය ඊට වඩා බරපතල අක්මා රෝගයක් බවට පත්වීමට ඉඩ ඇත. අක්මාවට යාකෘතය යන නම ද වැහැරේ.මද්‍යසාර හෙවත් ඇල්කොහොල් ෆැටි ලිවර් ඇතිවීමට ඇති විශාලම හේතුවක් වුවත් මද්‍යසාර වලින් තොරවත් ෆැටි ලිවර් තත්ත්වය ඇතිවීමට හැකි ය. ඒ සඳහා බලපාන්නේ අධික ස්ථූලතාවය, ඉන්සියුලින් කෙරෙහි වූ ප්‍රතිරෝධය, පිරිපහදු කරන ලද කාබෝහයිඩ්‍රේට වැඩිපුර ආහාරයට ගැනීම, අධික සීනී භාවිතය, සහ අතුණු බහන්වල සෞඛ්‍ය තත්වයේ ඇතිවන බිඳ වැටීම් යන හේතුන්ද මේ සඳහා බලපෑම් ඇති කරයි.

අද මාතෘකාව ෆැටි ලිවර් හඳුනා ගැනීම යි.

බොහෝ අවස්ථාවන්හී කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොකරයි, වෙනත් හේතූන් මත සිදු කරන් කරන ලද පරීක්ෂණ වලදී අක්මාවේ ගැටලුවක් වෙත ඇති බව දිස්වේ නම් එවිට ඒ සඳහ වෛද්‍ය ලබා ගත යුතු ය. යම් ආකාරයක අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක දී ඔබේ උදරයේ යම් අසාමාන්‍යතාවක් අක්මාවෙන් දිස් වේ නම් හෝ ඔබට අසාමාන්‍ය අක්මා එන්සයිම මට්ටමක් ඇති බව පරීක්ෂණයක් මඟින් ඔප්පු වී තිබේ නම් ඔබ ප්‍රවේසම් විය යුතු ය. ඔබේ වෛද්‍යවරයා හමු විය යුතුමය.

මේ බව තහවුරු කර ගැනීම සඳහා නොයෙක් වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ඇත. ඒවා පහත අයුරින් විග්‍රහ කළ හැකි ය.

රුධිර පරීක්ෂණ

1. FBC – Complete Blood Count –
2. Liver Enzyme and liver function tests –

      • Alanine transaminase (ALT) අක්මාව තුළ ඇති අක්මා එන්සයිමයක් වන අතර මෙය ප්‍රෝටීන උපයෝගී කරගෙන අක්මා සෛල සඳහා ශක්තිය ලබා දෙයි. අක්මාවේ වන නොයෙකුත් සෛලීය හානි හේතුවෙන් අක්මා සෛල බිඳ වැටී එමඟින් රුධිර ධාරාවට මෙම එන්සයිමය නිදහස් වීම මඟින් රුධිරයේ එන්සයිම සාන්ද්‍රණය ඉහල යයි.
      • Aspartate transaminase (AST) සුළු වශයෙන් රුධිරයේ ඇති අතර, යම් අක්මා සෛලීය හානියක හේතුවෙන් හෝ රෝගයක් හේතුවෙන් හෝ පේශීවල වන යම් පටක හානියක් හේතුවෙන් ඉහත එන්සයිමය මෙන්ම රුධිරයට අධි මාත්‍රාවෙන් නිදහස් වෙයි. මෙයද අක්මාවේ ප්‍රෝටීන පරිවෘත්තිය හා සම්බන්ධ එන්සයිමයකි.
      • Alkaline phosphatase (ALP) අක්මාවේ හා අස්ථිවල දක්නට ලැබෙන එන්සයිමයකි. අක්මා ආබාදයක දී හෝ අස්ථි ආබාදයක දී රුධිරයේ වැඩිපුර මාත්‍රාවක් හමු වේ. නැත හොත් පිත් නාළ අවහිරතාවක දී වුව රුධිරයේ මෙම එන්සයිම මට්ටම වැඩි වේ. මෙය ද ප්‍රෝටීන පරිවෘත්තියේදී වැදගත් වේ.
      • Albumin and total protein අක්මාව තුළ නිපදවෙන ප්‍රෝටීන අතරින් එකකි. ප්‍රතිශක්තිය ඇති කරයි. සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු මට්ටමේ ඇල්බියුමින් හා ප්‍රෝටීන මඟින් අක්මා සෛල හානියක් හෝ අක්මා රෝගයක ලකුණු පෙන්වයි.
      • Bilirubin රතු රුධිර සෛල ඛණ්ඩනය වීමේදී බිලිරුබීන් නිපද වේ. යාකෘතයෙන් පිටවන බිලිරුබීන් මළ මඟින් ශරීරයෙන් පිට වේ. රුධිරයේ උත්සන්න වූ බිලිරුබීන් මට්ටම මඟින් කාමලා ලක්ෂණ (සෙංගමාලය ) ඇති කරයි. එය කාමලා, අක්මා රෝගයක තතු හෝ පාණ්ඩු රෝගයේ හෝ අක්මා හානියක ලකුණු පෙන්වයි.
      • Gamma-glutamyltransferase (GGT) මෙම එන්සයිමය රුධිරයේ පවතින අතර එහි උත්සන්න වූ මට්ටම මඟින් අක්මා හෝ පිත් ප්‍රණාලයක හානියක වග පෙන්වයි.
      • L-lactate dehydrogenase (LD) යකෘත එන්සයිමයකි. උන්නත මට්ටම් මඟින් අක්මා හානියක් පෙන්වයි. සමහර වෙනත් රෝග වලදී ද මෙම අගය ඉහළ යයි.
      • Prothrombin time (PT) මෙමඟින් රුධිර කැටි ගැසීමට යන කාලය දක්වයි. කාලය වැඩිවීම යනු යාකෘත හානියක හෝ යම් යම් ඖෂධ ගැනීමේ අතුරු ආබාධ ද විය හැකි ය.

ඉහත රුධිර පරීක්ෂණ අගයන් නිරෝගී අයෙකුගේ පෑතිය යුතු මට්ටම් වන්නේ,

• ALT. 7 to 55 units per liter (U/L)
• AST. 8 to 48 U/L
• ALP. 40 to 129 U/L
• Albumin. 3.5 to 5.0 grams per deciliter (g/dL)
• Total protein. 6.3 to 7.9 g/dL
• Bilirubin. 0.1 to 1.2 milligrams per deciliter (mg/dL)
• GGT. 8 to 61 U/L
• LD. 122 to 222 U/L
• PT. 9.4 to 12.5 seconds

අතිධ්වනික පරිලෝකන (මූර්තන) පරීක්ෂණ UltraSound Imaging procedures

  • Abdominal ultrasound/ අක්මා රෝගයක් සැක අවස්ථාවෙක මුලින්ම කෙරෙන පරීක්ෂණයක් නම් අතිධ්වනික පරිලෝකනය උදර පරීක්ෂාවයි.
  • Computerized tomography (CT) scanning or magnetic resonance imaging (MRI) උදර පරීක්ෂා කිරීමේ වෙනත් පරිලෝකන හෝ තරංගීය අනුනාද ක්‍රම සහ චුම්බක ප්‍රතිරූපණ ක්‍රම. පරිඝණකගත තරංගීය පරිලෝකනය හෝ චුම්බක අනුධ්වනික මූර්තනය (ප්‍රතිරූපනය ) මෙම ශිල්පීය ක්‍රමවලට NAFLD වෙතින් NASH වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් නොමැති නමුත් තවමත් භාවිතා කරනු ලබයි.
  • Transient elastography අක්මාවේ දෘඪතාව පරීක්ෂා කරනු ලබන අනිත්‍ය අතිධ්වනික තරංග මඟින් ක්‍රියාකරන උපකරණයකි. මින් ද අක්මාවේ සෛලවලට වී ඇති හානිය සොයා ගත හැකි ය.
  • Magnetic resonance elastography ශරීරය තුළට ඇතුල් නොකරන රූපකරණ තාක්‍ෂණයකි, පටක වල ප්‍රස්ථාර තරංග ජනනය කිරීම, MRI භාවිතයෙන් ඒවායේ ප්‍රචාරණය නිරූපණය කිරීම සහ දෘඩ සිතියමක් (ඉලාස්ටෝග්‍රෑම්) ජනනය කිරීම සඳහා රූප සැකසීම මගින් මෘදු පටක වල තද බව මැනීම. එය බහුලව භාවිතා වන ප්‍රත්‍යාස්ථතා ශිල්ප ක්‍රම වලින් එකකි
  • Fibro Scan මෙයද ශරීරය තුලට ඇතුල් නොකරන උපකරණයකි. බාහිරින් අක්මාවේ දෘඩතාවය පරීක්ෂා කරයි. එය අස්ථිර ප්‍රත්‍යාස්ථතා තාක්‍ෂණය මගින් අක්මාවේ ‘දෘඪතාව’ (හෝ තද බව) තක්සේරු කරයි. අක්මාවේ දෘඪතාව තක්සේරු කරනු ලබන්නේ සම මත ජනනය වන කම්පන තරංගයක වේගය (‘ෂියර් තරංගයක්’ ලෙසද හැඳින්වේ) මැනීමෙනි. ෂියර් තරංග ප්‍රවේගය තීරණය වන්නේ කම්පන තරංගය අක්මාව තුළ යම් ගැඹුරකට ගමන් කිරීමට ගතවන කාලය මැනීමෙනි

තවත් පරීක්ෂණයක් වන්නේ අක්මා පටල පරීක්ෂාවයි. මේ සඳහා සියුම් ඉදිකටුවක් මාර්ගයෙන් ලබා ගන්නා අක්මා පටල (Biopsy) පරීක්ෂා කිරීමෙන් අක්මා සෛලවලට වී ඇති හානිය මැනීමට හැකි ය.

තුන්වන කොටසින් රෝගය පිළිබඳ තවත් තතු ඔබට ලබා දෙන්නට සිතා සිටිමි………………………………………………….. එය ද ඉක්මනින් ඔබ අතට පත් කරමි……………………

 

Add Your Comment