ලෝකය පුරා මේවන විට බෝ නොවන රෝග (Non Communicable Diseases) රැල්ලක් හමා යමින් පවතී. ඉහතදී ද අප සාකච්ඡා කළ පරිදි මේවන විට ලෝකයේ බෝ වන රෝග වසංගත වලට වඩා බෝ නොවන රෝග පැතිරීම වැඩි බව පැහැදිලි ය. එම නිසා මේ පිළිබඳ ඉතා දැඩි අවධානයක් ලෝකය පුරාම දැන් ඇති වී තිබේ.
මෙම ගැටලුව සඳහා විසඳුම් ලෙස යෝජනා වී ඇති බොහෝ විසඳුම් තවමත් එතරම් පල දරා නොමැත. කීටෝජනික (Ketogenic Food) ආහාරය ද එවැන්නකි. මේ පිළිබඳ නූතනයේ විශාල සාකච්ඡාවක් ඇති වී තිබූවත් එය පිළිබඳ සමාජයේ දැනුම ඉතා අවම වේ. මේ වෑයම එම කීටෝජනික ආහාරය පිළිබඳ යම් දැනුමක් ඔබ හමුවේ තැබීමටයි. මෙහි ගුණ දෝස අගයන්න. එය මාගේ ඊළඟ ලිපියට ප්‍රයෝජනවත් විය හැකි ය.
කීටෝ, …… කීටෝන යන යෙදුම් නිතර අපට දැන් දැන් අසන්නට ලැබේ. අප විසින් මේ කීටෝ ආහාරය පිළිබඳ ඉගෙනීමට ප්‍රථම කීටෝ සහ කීටෝන පිළිබඳ ඉතා කෙටි හැඳින්වීමක් සලකා බලමු………
සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරයේ ශක්තිය නිෂ්පාදනය වීම සඳහා ශාරීරික සෛල ග්ලූකොස් දහනය කරනු ලබයි. යම් අවස්ථාවක එවැනි දහනය සඳහා ග්ලූකෝස් නැති විට ශක්තිය ලබා ගැනීම සඳහා දහනය කරනු ලබන්නේ මේදය යි. මෙහිදී නිපදවෙන රසායනික සංයෝගයක් ලෙස කීටෝන හඳුන්වා දිය හැකි ය.
රසායන විද්‍යාවේදී, කීටෝන ලෙස හඳුන්වන්නේ RC(=O)R’ {මෙහි R සහ R’ යනු කාබන් අන්තර්ගත විවිධාකාරයේ ආදේශක කණ්ඩ වේ} යන අණුක ව්‍යුහයක් සහිත කාබනික සංයෝග වේ. කීටෝන සහ ඇල්ඩිහයිඩ සාමාන්‍යයෙන් කාබොනයිල් කණ්ඩයක් සහිත සරල සංයෝග ලෙස සැළකේ. −OH හෝ −Cl වැනි සක්‍රීය කාණ්ඩයක්, කාබොනයිල් කාණ්ඩයේ කාබන් පරමාණුවට ඍජුවම බැඳී නොපැවතීම නිසා මේවා සරල සංයෝග ලෙස හඳුන්වනු ලබයි. කීටෝන සහ ඇල්ඩිහයිඩ සාමාන්‍යයෙන් කාබොනයිල් කණ්ඩයක් (කාබන්-ඔක්සිජන් ද්විත්ව බන්ධනයක්) සහිත සරල සංයෝග ලෙස සැළකේ. −OH හෝ −Cl වැනි සක්‍රීය කාණ්ඩයක්, කාබොනයිල් කාණ්ඩයේ කාබන් පරමාණුවට (උදා: −COOH කාණ්ඩයක් අන්තර්ගත කාබොක්සිලික් අම්ල වල පවතින ආකාරයෙන්) ඍජුවම බැඳී නොපැවතීම නිසා මේවා සරල සංයෝග ලෙස හඳුන්වනු ලබයි.
වර්තමානය වන විට කීටෝන ඉතා විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඉන් බොහොමයක් කීටෝන වර්ග, කර්මාන්ත වලදී සහ ජීව විද්‍යාවේ යෙදීම් වලදී වැදගත් වේ. උදාහරණ ලෙස බොහොමයක් සීනි වර්ග (කීටෝස) සහ කුඩාම කීටෝනය වන ඇසිටෝන් වැනි කර්මාන්තමය වශයෙන් වැදගත් ද්‍රාවක ආදිය දැක්විය හැකි ය.
අප මෙහි දී සාකච්ඡා කරනු ලබන්නේ කීටෝ ආහාර (Ketogenic foods) සම්බන්ධයෙන් බැවින් මෙතැන් සිට සංකීර්ණ රසායන විද්‍යා යෙදුම් වලින් තොර ඉතා සරල ලෙස කීටෝ ආහාර පිළිබඳ යමක් දැනගනිමු………..
කීටෝනික ආහාරය යනුවෙන් හැඳින්වෙන්නේ පුද්ගල ශරීරයේ නිරාහාර අවදියේ ඇතිවන ප්‍රතික්‍රියාවන්ට සමාන ප්‍රතික්‍රියා ඇති කරවන ආහාරයේ සුවිශේෂී සැකැස්මකි. 1921 දී ප්‍රථමවරට බටහිර මෙම ආහාර සංයුතිය හඳුන්වා දී ඇති වුවත් අතීත ශ්‍රී ලාංකික දේශීය ආහාරයේ ද මෙයට සමාන ආහාර සැකසුම් ක්‍රම තිබී ඇති බව පෙන්වා දිය හැකි ය.
මෙය අතිශයින්ම අඩු කාබෝහයිඩ්රේට් අගයක් සහිත වූ ආහාරයකි. මෙවැනි ආහාරයක් ලබා ගැනීමේදී බලාපොරොත්තු විය හැකි වාසි කීපයක් පවතී.
ඒ කෙසේ වතුදු මෙම ආහාර සැකැස්ම එතරම් ජනප්‍රිය නොවීය. එයට හේතු වූයේ නොයෙකුත් පරිවෘත්තීය රෝග මෙම ආහාර භාවිත කරන්නන් අතර ඇතිවීම යි. නැවත 2008 දී සිදුකරනු ලැබූ පරීක්ෂණයකින් පෙනී ගියේ ළදරුවන් අතර ප්‍රතිකාර වලින් එතරම් සුවයක් නොලබන වලිප්පු (epilepsy) රෝග තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මෙම ආහාරයෙන් මනා පිටුවහලක් ලැබෙන බවයි.
මේ අනුව සිදු කරනු ලැබූ සායනික පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ ප්‍රතිකාර වලින් මනා සුවයක් නොලබන වලිප්පු රෝගීන් සඳහා ලබා දෙන කීටෝනික ආහාරයෙන් ඔවුන් ක්‍රමයෙන් සුවපත් වන බවයි. මෙම සුවපත් වීමේ ප්‍රතිශතය 85% තරම් ඉතා ඉහළ අගයක් ගනී. තවමත් මෙම වලිප්පු කම්පන (epilepsy seizure) සුවකිරීම සඳහා මෙහිදී ක්‍රියාත්මක වන්නා වූ යාන්ත්‍රණය හෙළි කරගෙන නැතත් විශ්වාස කරන්නේ, පරිවෘත්තියේ සීඝ්‍රතාවයේ ඇති කරන්නා වූ නොයෙක් වෙනස්කම් හේතුවෙන් මෙය සිදුවන බවයි.
මෙය ඉතා සංකීර්ණ ගැටලුවකි. මක්නිසාද යත් යම් ආහාරයක,
විවිධාකාරයේ කීටෝ වට්ටෝරු ඇති මුත් නිශ්චිත පෝෂණ විද්‍යාත්මක කීටෝ ආහාර වට්ටෝරුවක් නම් තවම හඳුන්වා දී නැත.
ආහාරයක කාබෝහයිඩ්‍රේට නොමැති වී මේද ප්‍රමාණය අධික වූ විට එම ආහාරය පරිභෝජනය කරන්නා වූ පුද්ගලයාගේ පරිවෘත්තිය (metabolism) සඳහා ග්ලූකෝස් තව දුරටත් සපයා ගත නොහේ. එවිට පරිවෘත්තිය සිදු වන්නේ මේද දහනය වීමෙනි. මෙමඟින් පුද්ගලයාට ඇවැසිවන කැලරි ප්‍රමාණයෙන් 70% – 80% ප්‍රමාණයක් ලබා දේ.
එවිට ආහාරයේ ග්ලූකෝස් අඩංගු නොවන බැවින් රුධිරයේ අඩංගු ග්ලූකෝස් මට්ටම (Blood Glucose Level) ද ක්‍රමයෙන් පහළ බසී. එවිට ඉහත ආකාරයට මේද ආහාරයෙන් ශක්තිය නිපදවීම ශරීරය විසින් ආරම්භ කරන බැවින් දේහ ශක්ති අවශ්‍යතා සපුරා ගත හැකි ය. මේ අනුව කීටෝ ආහාරය අරම්භ කර යම් කාලයක් යාමේදී දේහයේ සංචිත ග්ලූකෝස් ඌනතාවක් ඇතිවන බැවින් දේශ අවශ්‍යතා සඳහා ශක්තිය නිපදවීම සඳහා දහනය වීමට ග්ලූකොස් හිඟ වේ. එම නිසා මේදය ශක්ති ප්‍රභවය බවට පත් වේ.
එයට සමාන්තරව රුධිරයේ කීටෝන අධික වීම හේතුවෙන් කීටෝසිස් නම් තත්ත්වය ඇති කරයි. දේහයේ අඩංගු කීටෝන වන්නේ,
කාබෝහයිඩ්‍රේට යම් ප්‍රමාණයක් ආහාරයට ගන්නා විට ශරීරයට ලැබෙන ඉන්සියුලින් හේතුවෙන් එය ග්ලූකෝස් බවට හරවා ඉන් ශක්තිය කැලරි ලෙස නිදහස් කරයි. මෙය ඉතා ඉක්මන් ක්‍රියාවකි. වැඩිපුර ඇති ග්ලූකෝස් ග්ලයිකොජන් ලෙස සංචිත වේ. නමුත් කීටෝ ආහාරයේදී මෙම සංචිත හා එදිනෙදා ගන්නා ආහාරයේ ග්ලූකෝස් ඌනතාවක් ඇතිවන බැවින් ශක්තිය නිෂ්පාදනය සඳහා මේදය භාවිත කරයි. එහිදී අක්මාවේ කීටෝන දේහයන් ඇතිවේ. මෙය කීටෝසිස් නමින් හැඳින් වේ. මෙහිදී ග්ලූකෝස් තරම් වේගයෙන් ශක්තිය නිපදවන්නේ නැත. ඒ සඳහා සාපේක්ෂව දිගු කලක් ගත වේ. මේ හේතුවෙන් දේහ මේද ප්‍රමාණය ක්‍රමයෙන් ක්ෂයවී අධික පුද්ගල බර අඩු වේ.
කීටෝ ආහාරය දේහ බර අඩු කිරීම සඳහා ඉතා වැදගත් වුවත්, මෙහිදී භාවිත කරන උපක්‍රම අනුව බොහෝ සෞඛ්‍ය ගැටලු පැන නැඟීමට හැකි ය.
නිසි අනුමත කීටෝජනික ආහාර වට්ටෝරුවක් මෙතෙක් එළි දක්වා නොමැති බැවින් විවිධ පුද්ගලයන් විවිධ රටාවේ ආහාර ක්‍රම මේ සඳහා භාවිත කරයි. බොහෝ කීටෝජනික ආහාර වට්ටෝරුවල සතෘප්ත මේදය (saturated fat) අඩංගු වේ. ඒ සඳහා උදාහරණ ලෙස, සකස් කරන ලද මස් වර්ග, මස්වල මේදමය කොටස් (fatty cuts of meat), රතු මස් වර්ග, ඌරු තෙල්, බටර්, ආදිය පෙන්වා දිය හැකි ය.
සමහර කීටෝජනික ආහාර වට්ටෝරුවල අසන්තෘප්ත මේදය (Unsaturated fats) සහිත ආහාර අඩංගු වේ. ඒ සඳහා උදාහරණ ලෙස, මාළු තෙල්, ධාන්‍ය, ඇටවර්ග, ශාක තෙල්, ගත හැකි ය.
මා මිත්‍ර ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන්ගේ කංසා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළ වූ අන්තර්ජාල පෝස්ටරයක…
මෙම ලිපියේ පළමු කොටස ෆැටි ලිවර් රෝගය පිළිබඳ ඉහත සාකච්ඡා කෙරුණි. එහි දී රෝගය…
මිනිස් සිරුරේ පිහිටි දෙවන විශාලම ඉන්ද්‍රිය වන්නේ අක්මාවයි. එහි මේදය තැන්පත්වීමෙන් Fatty Liver ගැටලුව ඇති…
මෙහෙම ලිව්වම වැඩියෙන් බලන්නේ කාන්තාවන්....ඒකමයි අරමුණත්...... රතිය පිළිබඳ කතාවේදී පුරුෂ සාධකය බෙහෙවින් නොසැලකිල්ලට භාජනය වන්නකි.…
මඳසරුභාව යනු කුමක් ද? මඳසරුභාවය ලෙස හඳුනා ගැනෙන්නේ, වසරක කාලයක් අනාරක්ෂිත ලෙස අඹුසැමි සම්බන්ධතා පවත්වා…
දැරියක් මව් කුසින් මෙලොව එළිය දකින්නේ මව් පදවිය ලැබීමේ උතුම් වරප්‍රසාදය ද සමඟිනි. ඇය වැඩිවිය…