මිනිස් සිරුරේ පිහිටි දෙවන විශාලම ඉන්ද්‍රිය වන්නේ අක්මාවයි. එහි මේදය තැන්පත්වීමෙන් Fatty Liver ගැටලුව ඇති වේ. මෙම තත්ත්වය විශාල වශයෙන් සෞඛ්‍යමය ගැටලු ඇති කිරීමට හේතු වේ. අක්මාව ග්‍රන්තියකි. තව ද එය නැවත ප්‍රකෘතිමත් විය හැකි ඉන්ද්‍රියක් වනව සේම එය එකිනෙකට වෙනස් විශාල කෘත්‍යයන් ගණනාවකට සහභාගී වන ශරීරයේ ඇති ඉතා වැදගත්ම ඉන්ද්‍රිය තුනෙන් එකකි. එය හදවත මොළය හා සම මට්ටමේ ඉන්ද්‍රියක් වේ. මොළය ශරීරයේ විද්‍යුත් පාලන මධ්‍යස්ථානය නම්, හදවත සිරුරේ පරිවහන කේන්ද්‍රස්ථානය ද, අක්මාව විශ්ලේෂණ මධ්‍යස්ථානය ද වේ.
අක්මාව කසල ශෝධනාගාරයකි. රසායනික පරීක්ෂනාගාරයකි. ඉන් ශරීරයට ආහාරය හරහා විෂ එක්වීම පාලනය කරයි. රුධිරයට එක්වන සියලු රසායන ද්‍රව්‍ය විශ්ලේෂණයට භාජනය කර එහි අඩංගු විෂ පෙරා ඉවත් කිරීම අක්මාව විසින් කරනු ලබයි. අක්මාව මගින් ආහාර ජීර්ණයට අවශ්‍ය කරන එන්සයිම වර්ග නිෂ්පාදනය කෙරෙන අතර, විශේෂයෙන්ම පිත නිෂ්පාදනය කිරීමත් අක්මාවේ කෘත්‍යයකි.
ඊට අමතරව ජීවිත කාලය අවසන් කරන රුධිරානු බිඳවැටීම මෙන්ම සමහර අවස්ථාවලදී රුධිරය නිෂ්පාදනයද අක්මාව මගින් සිදු කෙරේ. මේ ආකාරයට අක්මාව මගින් සිදුකරන සියලු කාර්යයන් අක්මාවේ ඇතිවන රෝගී තත්ත්වයනුත් සමඟ අඩාලවීම සිදු වේ. අක්මාවේ මේදය තැන්පත් වීම යනු මෙලෙස අක්මාව රෝගී වන අවස්ථාවක් ලෙස හැඳුන්වා දිය හැකි ය.
ෆැටි ලිවර් රෝගයක් ලෙස අද වන විට බහුල ලෙස ලෝකයේ ව්‍යාප්ත වී ඇත. එය සමස්ත ලෝක ජනගහනයෙන් 25% ප්‍රමාණයක් තරම් විශාල අගයකි. අධික ස්ථූලභාවය, දෙවනි ආකාරයේ දියවැඩියාව සහ වෙනත් ඉන්සියුලින් ප්‍රතිරෝධී රෝග සමඟ මෙහි සම්බන්ධතාවක් පෙන්නුම් කරයි.
1. මද්‍යසාර හේතුවෙන් ඇතිවන ෆැටි ලිවර් රෝග තත්ත්වය AFLD
2. මද්‍යසාරමය නොවන ෆැටි ලිවර් රෝග තත්ත්වය NAFLD
ෆැටි ලිවර් දක්නට ලැබෙන්නේ අක්මා සෛල තුළ මේදය වැඩිපුර නිපදවෙන අයගේ ය. ඉතා සුළු වශයෙන් අක්මාව තුළ මේදය නිපදවීම සාමාන්‍ය වුවත් එය 5% ඉක්මවා යෑම එතරම් හිතකර නොවේ. වැඩිපුර මත්පැන් පානය ද අක්මාවේ මේද තත්ත්වය ඉහළ යාමට විශේෂ හේතුවකි. බටහිර රටවල වැඩියෙන් ම දක්නට ඇති අක්මා රෝගය ලෙස සැලකිය හැක්කේ මද්‍යසාරමය නොවන අක්මා රෝගය යි (Non Alcoholic Liver Disease, NALD).
රෝග ගණනාවක් මේ යටතට ගැනේ. එනම් මෙම තත්ත්වය ඇතිවීම පිණිස තවත් නොයෙක් රෝග හේතු ගණනවක් හේතු වේ. AFLD තත්ත්වය අක්මා රෝග අතරින් නැවත සකස්කර ගත හැකි රෝග තත්ත්වයකි. බොහෝ විට මෙම රෝගය උග්‍ර වීමට හේතු වන්නේ නිසි ආකාරයෙන් නිසි අවස්ථාවේ හඳුනා ගැනීමට නොහැකි වීමයි.
මෙම තත්ත්වය ද ප්‍රතිකාර හා ජීවන තත්ත්වය වෙනස් කිරීමෙන් නැවත නිරෝගී බවට පත් විය හැකි රෝග තත්ත්වයකි.
අක්මාවේ මේද තැන්පත්වීම Fatty Liver මද්‍යසාරමය හෝ වෙනත් හේතු මත ඇති වුවත්, නිසි අවස්ථාවේ ප්‍රතිකාර නොලැබීමෙන් non-alcoholic steatohepatitis, (NASH) දක්වා උග්‍ර විය හැකි ය. මඟින් අක්මාවේ තවත් තෙල් එක් රැස් වී අක්මා සෛල ප්‍රදාහය වී අක්මාවට හානි වේ. මෙම තත්ත්වය වඩාත් උග්‍ර වීමෙන් අක්මා පටක තන්තුමය වීම ආරම්භ වේ.
එවිට අක්මා සෛල දැඩි ලෙස හානි වීම හෝ මරණයට පත්වීම සිදු වේ. NASH දක්වා වර්ධනය වීම විදිමත් විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව හඳුනා ගැනීම ඉතා අපහසු ය. එම නිසා වන හානිය සුළුපටු නොවේ. දිගින් දිගටම මෙම හානී වැඩිවීමෙන් අක්මාවේ පටක දැඩි ලෙස තන්තුමත් Fibrosis වී අවසානයේ සිරෝසිස් Cirrhosis දක්වා එය වර්ධනය විය හැකි ය. ඊට එහාට වර්ධනය වීමෙන් අක්මාවේ පිළිකා තත්ත්වයන් දක්වා ඉදිරියට ගමන් ගනී.
අක්මාවේ රෝග නොසලකා හැරීමෙන් විශේෂයෙන් ම ෆැටි ලිවර් තත්ත්වය නොසලකා හැරීමෙන් හෘද රෝග, දියවැඩියාව, වකුගඩුවල රෝග, වැනි බොහෝ අන්තරායකාරී රෝග සමූහයක් වැළදීමට ඇති අවදානම වැඩි වේ.
ෆැටි ලිවර් රෝග තත්ත්වය වර්ධනය සඳහා බොහෝ හේතු බලපායි.
අධි ස්ථූලභාවය හේතුවෙන් සුළු වශයෙන් අක්මාව ප්‍රදාහයට පත් වේ. අධි ස්ථූලතාවයෙන් පෙළෙන්නන් අතර 30% – 90% ප්‍රමාණයක් ගැටළුවෙන් පීඩා විඳින බව සමීක්ෂණ වලින් තහවුරු වී ඇත. වඩාත් අවදානම් කරුණ වන්නේ වත්මනෙහි කුඩා දරුවන් අතර ද අධි ස්ථූලතාවය වේගයෙන් වැඩිවෙමින් පවතින අතර ඔවුන්ගෙන් යම් ප්‍රතිශතයක් ද මෙම ගැටළුවෙන් පෙළේ.
වත්මනෙහි වැඩිහිටියන් අතර ඉතා බහුල තත්ත්වයකි. මේ සඳහා අධි ස්ථූලතාවයෙන් පෙළීම අත්‍යාවශ්‍ය නොවන අතර, අභ්‍යන්තර්හ ඉන්ද්‍රියන්හි අධික වශයෙන් මේදය තැන්පත්වීමෙන් ඇති වේ. ඉණ, උකුල හා උදරයේ මේද තැන්පත්වීම හේතුවෙන් නෙරා ඒම මෙහි ලක්ෂණ වේ.
දෙවන වර්ගයේ දියවැඩියාව සහ පරිවෘත්තීය සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයින් තුළ ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ ඉහළ ඉන්සියුලින් මට්ටම අක්මාවේ මේදය ගබඩා කිරීම වැඩි කරන බව පෙන්වා දී ඇත
අක්මාවේ මේද මට්ටම ඉහළ දැමීම සඳහා නිතිපතා අධික මාත්‍රාවෙන් පිරිසිදු කළ කාබෝහයිඩ්‍රේට භාවිතය හේතුවන බව පරීක්ෂණවලින් පැහැදිලි වී ඇත.
කුඩා දරුවන් හා වැඩිහිටියන් සීනි අඩංගු පානයන්ට ඇබ්බැහි වීමෙන් අක්මාවේ මේද සංචයවීම වේගවත් වේ. උදාහරණ ලෙස කෘත්‍රිම පැණි බීම, නොයෙක් ශක්තිජනක පාන
මෑත පර්යේෂණ වලට අනුව අතුනුබහන් තුළ ජීවත්වන ශරීරයට අත්‍යාවශ්‍ය බැක්ටීරියා වල අසමතුලිතතාවයක් තිබීම, අතුනුබහන් බාධක ක්‍රියාකාරිත්වයේ ගැටලු (කාන්දු වන බඩවැල්) හෝ වෙනත් අතුනුබහන්වල සෞඛ්‍ය ගැටලු ෆැටි ලිවර් NAFLD වැඩි වර්ධනයට දායක විය හැකිය.
ෆැටි ලිවර් රෝගයේ භ්‍යානකකම මතු වන්නේ එය ඉතා නරක අවස්ථාවන්ට එන තෙක් හඳුනා ගැනීමට පහසුවීමයි. පහත ලක්ෂණවලින් එකක් හෝ කීපයක් රෝගීන් වෙත තිබිය හැකි ය.
• ආහාර රුචිය නැතිවීම
• ඔක්කාරය හා වමනය
• සාමාන්‍ය තත්ත්වයේ උදරයේ වේදනාව හෝ අධික වේදනාව සම සහ ඇස් කහපාටවීම
රෝගය පරීක්ෂණාත්මකව හඳුනාගෙන රෝගයේ මූලික අවධිවලදී ප්‍රතිකාර කිරීමෙන් ඉතා හොඳින් රෝගය සුව කර ගැනීමට හැකි ය. මේ පිළිබඳ විස්තර ඊළඟ ලිපියෙන්…..
මා මිත්‍ර ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන්ගේ කංසා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළ වූ අන්තර්ජාල පෝස්ටරයක…
ලෝකය පුරා මේවන විට බෝ නොවන රෝග (Non Communicable Diseases) රැල්ලක් හමා යමින් පවතී. ඉහතදී…
මෙම ලිපියේ පළමු කොටස ෆැටි ලිවර් රෝගය පිළිබඳ ඉහත සාකච්ඡා කෙරුණි. එහි දී රෝගය…
මෙහෙම ලිව්වම වැඩියෙන් බලන්නේ කාන්තාවන්....ඒකමයි අරමුණත්...... රතිය පිළිබඳ කතාවේදී පුරුෂ සාධකය බෙහෙවින් නොසැලකිල්ලට භාජනය වන්නකි.…
මඳසරුභාව යනු කුමක් ද? මඳසරුභාවය ලෙස හඳුනා ගැනෙන්නේ, වසරක කාලයක් අනාරක්ෂිත ලෙස අඹුසැමි සම්බන්ධතා පවත්වා…
දැරියක් මව් කුසින් මෙලොව එළිය දකින්නේ මව් පදවිය ලැබීමේ උතුම් වරප්‍රසාදය ද සමඟිනි. ඇය වැඩිවිය…