මෙහෙම ලිව්වම වැඩියෙන් බලන්නේ කාන්තාවන්….ඒකමයි අරමුණත්……
රතිය පිළිබඳ කතාවේදී පුරුෂ සාධකය බෙහෙවින් නොසැලකිල්ලට භාජනය වන්නකි. එම නිසා මෙම ලිපිය හුදෙක් රතිය පිළිබඳ පුරුෂ සාධකය පිළිබඳ සොයා බැලීමට වෙන් කෙරෙනු ඇත.
රතිය පිළිබඳ පුරුෂ සාධකය පිළිබඳ සාකච්ඡාවේදී මුලින්ම සලකා බැලිය යුත්තේ රතියේදී පුරුෂයෙක් තුළ සිදුවන වෙනස්කම් මත එය බෙදා ඇති ආකාරය හෙවත් අවදි පිළිබඳයි.
පුරුෂ රතියේ මූලික වශයෙන් අවදි හතරක් ඇත.
දැන් මේ පිළිබඳ වෙන් වෙන් වශයෙන් සොයා බලමු……
පුද්ගලයෙක්ගේ රතිය පිළිබඳ හැඟීමක් ඇතිවීමට නම් ඒ සඳහා යම් නිමිත්තක් තිබිය යුතු ය. බොහෝ විට ඒ කාන්තාවකගේ ස්පර්ශයක්, සුවඳක්, දර්ශනයක්, ශබ්දයක් ආදී පසිඳුරන් මඟින් අල්ලා ගන්නා යමක් විය යුතු ය. එවිට පුද්ගලයා තුළ යම් උත්තේජනයක් ඇති වේ. එය පිබිදීමයි Awakening. එවිට එම පුද්ගලයා තුළ පහත වෙනස්කම් සිදු විය හැකි ය.
1.1. ශාරීරික ඉන්ද්‍රියන්වල ඇතිවන වෙනස්කම්. උදාහරණ ලෙස හද ගැස්ම වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම, හුස්ම ගැනීමේ වේගය වැඩිවීම.
1.2. ශිෂ්ණයේ පණ ගැන්වීම ආරම්භවීම, සහ ක්‍රමයෙන් එය සෘජු ඉරියව්වට පැමිණීම. රතියේ ආරම්භක අවස්ථාව වන මෙය සිදු වන්නේ රතිය පිළිබඳ හැඟීමක් ඇතිවීමත් සමඟ වුවද එය සම්පූර්ණ අවදිවීමක් දක්වා යාමට යම් කාලයක් ගත විය හැකි ය.
1.3. රතියේදී පුරුෂයාගේ සිදුවන ප්‍රධාන වෙනස්කමක් නම් රතිය අතරතුර මුත්‍රා පිට නොවීමයි. මේ සඳහා වැදගත්වන කපාටයක් තිබේ. උත්තේජන අවදියේදී එම කපාටය වැසී මුත්‍රා පිටවීම සම්පූර්ණයෙන්ම නවතයි.
1.4. රතිය සඳහා අවශ්‍ය කරන ලිස්සීම සඳහා වැදගත්වන නොයෙක් තරල ශිෂ්ණයෙන් වෑස්සීම මේ අවස්ථාවේ සිදු වෙයි. එය රතියේ පහසුව සඳහා ඉතා වැදගත් වේ. සමහර විට මෙම ශ්‍රාව ඉතා වැඩි වශයෙන් ඇතිවන අතර සමහර විට ඉතා කුඩා ප්‍රමාණයක් පිට වේ. මෙය ශුක්‍ර තරලය නොවේ. මේවා පූර්ව සුරතාන්ත ශ්‍රාව Pre-ejaculatory fluid වන අතර පුරස්ථඃ ග්‍රන්ථියෙන් Prostate glands වැගිරේ.
දෙවන අවස්ථාව වන උච්ච අවදියේදී පුරුෂයා හා ස්ත්‍රිය අතර ලිංගික ආලිංගනය උපරිම අයුරින් සිදු වේ. මෙය ඉතා වැදගත් අවස්ථාවකි. එනම් මෙම අවදියේ ක්‍රියාකාරීත්වය මත කාන්තාවගේ උපරිම සුඛාන්ත රතිය අති වේ. පුරුෂයෙක් ඒ සඳහා පෙර සූදානම් විය යුතු නොවූවත් කාන්තාවකට එය එසේ නොවේ.
(මේ නිසා ඔබේ රති සහකාරිය උපරිම රතිය විඳින තත්ත්වයට පත් කිරීම ඉතා ඇවැසි ය. ඒ සඳහා ඉතාමත් සුදුසු මේ කාලයයි. මෙය දීර්ඝ වන තරමට කාන්තාවගේ සුරතාන්තය orgasm ලබා ගැනීම පහසුවනු ඇත. ඒ පිළිබඳ වෙනම ලිපියක සාකච්ඡා වේ.)
සුරතාන්ත හෙවත් උපරි අවදියේදී පුරුෂයා තම රතියේ ඉහළම ඉම වෙත ගමන් කරයි. මෙය ඉතා වැදගත් අවදියක් වන්නේ රතියේ වැදගත්ම සාධකය ලිංගික සංතෘෂ්ටිය වන බැවිනි. පුරුෂයා මේ අවදියේදී සිය ශුක්‍රාණු දියරය කාන්තාවගේ යෝනි මඟේ ඉහළ ඉම වෙත මුදා හරියි. කාන්තාවත් මෙම අවදියේදී එම අවසන් තත්ත්වයට පත් වීම ඉතා යහපති. මෙහි දී ද පුරුෂයෙක් තුළ නොයෙක් වෙනස් කම් ඇති වේ.
3.1. ඔහුගේ ශාරීරික ඉන්ද්‍රියවල නොයෙක් වෙනස්කම් ඇති වේ. ඒවායේ ක්‍රියාව වේගවත් වේ. උදාහරණ ලෙස, හද ගැස්ම වැඩි වේ. හුස්ම ගැනීමේ වේගය වැඩි වේ. දහදිය දමයි. අක්‍රමවත් හුස්ම ගැනීමේ රටාවක් මෙහි දී ඇති වේ. එනම් එක් වරම ඉහළ යන හුස්ම ගැනීමේ වේගය එක් වරම පහළ බසී. මාංශ පේශීවල වේගවත් රිද්මයානුකූල තානයක් ඇති වේ.
3.2. වේගයෙන් එක් වරම ශුක්‍ර තලය ශිෂ්ණ විවරයෙන් ඉටතට විදී. එම ක්‍රියාව එක් වරක් හෝ වාර කීපයක් ලෙස සිදු වෙයි. ඒ හා සමඟම ගුද කපාටයේ රිද්මයට වන චලනයක් ඇති වේ.
3.3. සිරුර යම් ගැස්මකට ලක් වේ. උකුලේ වේගවත් චලනයක් සිදු වී ශුක්‍ර පිටවන වේගය වැඩි කරයි.
පුරුෂයා රතියෙන් පසු නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වන අවදියයි. මේ සඳහා යම් කාලයක් ගත වේ. පළමුව ශාරීරික ඉන්ද්‍රියන් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආරම්භ වේ. ක්‍රමයෙන් ඉතාම සාමාන්‍ය තත්ත්වයට ශරීරය පත් වේ. මේ අවදියේ දී නැවත රතියක් ඇතිවීම සමහර අයට ඉතා අපහසුය.
එවැන්නන්ට එම අවස්ථාවේ ඉතා දැඩි උදාසඊන බවක් ඇති වේ. එහිදී නැවත රතියක් හෝ එවැනි ශෘංගාරාත්මක හැඟීම් ඇති වීමත් සිදු නොවෙයි. මෙය ද ආකාර දෙකකට සිදු විය හැකි ය.
මෙහිදී පුරුෂයා කිසිම රති නිමිත්තක් ඇති කර නොගන්නා අතර විශාල උදාසීන බවකට පත් වේ.
මෙහි දී කෙටි කලකින් පුරුෂ සිරුර නැවත රතියකට සූදානම් වෙයි. දැඩි රති නිමිත්තකින් එම පිබිදීම සිදු විය හැකි ය. මෙවැනි මයට පිට පිට වාර කීපයක් රති සුව විඳීම පහසු දෙයකි. මෙය කාන්තාවගේ පාර්ශවයෙන් යම් වාසියක් තිබේ. ………….
ඒ පිළිබඳ කාන්තාගේ රති කතාවේදී නැවත කියවමු……
මා මිත්‍ර ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන්ගේ කංසා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළ වූ අන්තර්ජාල පෝස්ටරයක…
ලෝකය පුරා මේවන විට බෝ නොවන රෝග (Non Communicable Diseases) රැල්ලක් හමා යමින් පවතී. ඉහතදී…
මෙම ලිපියේ පළමු කොටස ෆැටි ලිවර් රෝගය පිළිබඳ ඉහත සාකච්ඡා කෙරුණි. එහි දී රෝගය…
මිනිස් සිරුරේ පිහිටි දෙවන විශාලම ඉන්ද්‍රිය වන්නේ අක්මාවයි. එහි මේදය තැන්පත්වීමෙන් Fatty Liver ගැටලුව ඇති…
මඳසරුභාව යනු කුමක් ද? මඳසරුභාවය ලෙස හඳුනා ගැනෙන්නේ, වසරක කාලයක් අනාරක්ෂිත ලෙස අඹුසැමි සම්බන්ධතා පවත්වා…
දැරියක් මව් කුසින් මෙලොව එළිය දකින්නේ මව් පදවිය ලැබීමේ උතුම් වරප්‍රසාදය ද සමඟිනි. ඇය වැඩිවිය…