සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් සෑදීම කියන්නේ ඉතා වැදගත් සිදු වීමක්. මේ තත්ත්වය වයස අවුරුදු 12 පමන සිට ක්‍රමාණූකූලව සිදුවනවා. සාමාන්‍යයෙන් දින 26 – 35 අතර කාලයකදී චක්‍රාණුකූලව මෙය සිදුවනවා. සමහර අවස්ථාවලදී කාන්තාවන්ගේ ඔසප් දෝෂ ඇති විට එම කාන්තාවන්ගේ ඩිම්භ මේරීමේ දෝෂද දැකගත හැකියි. මෙම රෝගාබාධවල නියතම ප්‍රතිඵලයක් ලෙස නිසරුභාවය ඇති වේ. එනම් ඩිම්භ නිසි ලෙස මේරීමකට භාජනය නොවීම, එම පටකයන්ගේ ඇතිවන එන්ඩොමේට්‍රියොර්සිස් තත්ත්වයද නාල අවහිර වීම, ඩිම්භ මේරිම හා පිටවීම, වැනි ස්වභාවිකව සිදු විය යුතු තත්ත්වයන් වලකයි. මෙහිද අවසාන ප්‍රතිඵලය නිසරුභාවයයි.
කාන්තාවකගේ උපතේදීම ඩිම්භ ඩිම්භ කෝෂ තුල රැදී තිබෙනවා. මසකට වරක් ඩිම්භයක් හෝ කීපයක් හොඳින් මෝරා ඩිම්භ කෝෂ වලින් පිටවීමයිග ඩිම්භ මේරීමට දින 12 – 14 වගේ කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් ඩිම්භ ෛසලයක විෂ්කම්භය 18 – 23 මිලිමීටර ප්‍රමාණයටවත් වැඩී තිබිය යුතුයි. එසේ නොවීම ඉතාම හානිකර වෙන්නේ ඇයගේ සරු භාවයටයි. මේ කාලය තුල ඩිම්භය මේරීමට හෝමෝනවල උදව්ව අවශ්‍ය වෙනවා. ඒ සදහා අවශ්‍ය වෙන හෝමෝනය වෙන්නේ FSH මේ හෝමෝනය සමහර අවස්ථාවලදි නොයෙක් හේතූන් උඩ අඩු වෙනවා. අන්න එවිට ඩිම්භ මේරීම දුර්වල වෙනවා. මෙතත්වය කෙලින්ම බලපානවා සරුභාවය සමග. එම නිසා හැම විටම අපි මේවැනි හෝමෝන නිසි පරිදි සමතුලිතව තබාගත යුතුයි.
පැහැදිලි හේතුවක් නියම ලෙස දැක්විය නොහැකියි.
මෙම තත්ත්වය Follicular Cyst කියා හඳුන්වනවා. Follicular Cyst කාන්තාවන් තුල ඇතිවන ඉතා බහුල තත්ත්වයකි. මෙහිදී ඩිම්භකෝෂ තුල ඇතිවන ඩිම්භ නියමිත දිනට මේරීම සිදු වුවත් එය නියමිත ප්‍රමාණයට වඩා විශාල වීමයි. එනම් විෂ්කම්භය මිලිමීටර 23 වඩා විශාල වීමයි. මේ තත්ත්වයේදී එම ඩිම්භය ඩිම්භකෝෂයෙන් ඩිම්භ පිටවීමක් සිදු වන්නේ නැති අතර එම ඩිම්භ ප්‍රමාණයට වඩා විශාල වී අවසන පුපුරා යාමකට බඳුන් වෙයි. නමුත් එවැනි විශාල වූ ඩිම්භ සමහර අවස්ථාවලදී පිටවී සංසේචනයකටද භාජනය වෙයි. එනමුත් එම කළල නියමාකාරයෙන් වර්ධනවී නීරූගී දරුවකු නූපදවයි. ඉතා වැඩි බහුතරයක් මාස තුනකට පෙර ගබ්සාවීමකට භාජනය වෙයි.
මෙහිදී ඩිම්භය විෂ්කම්භය 23මිලි මීටරවලට වඩා විශාල වෙනවා. එය බොහෝ විට නිසියාකාරයෙන් ඩිම්භ කෝෂවලින් පිටවීමකට භාජනය වන්නේ නැහැ. එය දිය බුබුලක් වැනි විශාල වී පුපුරා යනවා. යම් ලෙසකින් මේ ඩිම්භය පිට වී ගැබ් ගැන්වීමක් ශිදු වුවහොත් එය නිසි ලෙස වැදෙන්නේ නැහැ. මේ බව ආයූර්වේද මූල ග්‍රන්ථීන්වල බීජදෝෂ නම් මාතෘකාව යටතේ සඳහන් කරලා තිබෙනවා.
මෙහිදී මේ රෝග අතරින් P.C.O.D නම් තත්ත්වය ගත් විට ගර්භාෂයේ අර්බුද රාශියක් ඇති විමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතා කුඩා මේ අර්බුද විවිධ ප්‍රමාණයන්ගෙන ඇති වීමට හැකියි. මේවා බොහෝ විශාල වීමෙන් ගර්භාෂය කරා ඩිම්භ රැගෙන එන පැලෝපීය නාළවල අවහිරතාවයන්ද ඇති විය හැකියි.
ෆයිබ්‍රොයිඞ්, මෙයත් ගර්භාශය හෝ ඩිම්භ කෝෂවල ඇති විය හැකි තත්ත්වයකි. මේවාද පැලෝපීය නාල අවහිර කරණාකාරයෙන් පිහිටීමෙන් පැලෝපීය නාල අවහිර වීමට ඉඩ ඇත. නමුත් බොහෝ විට එවැනි හානියක් සෑම ෆයිබ්‍රොයිඞ් එකකින්ම සිදු නොවේ. වැඩි වශයෙන්ම ෆයිබ්‍රොයිඞ් ව්ලින් හානි වනවා අඩුය.
ගර්භාෂයේ ඇති ඇතුළු පටකය වන Endometriyam හි ඇතිවන ඉතා කුඩා අර්බුද ඇති වීම නිසා ඇතිවන තත්ත්වයකි. මෙහිදී ඇතිවන ප්‍රධානම ලක්ෂණය වන්නේ ඔසප් සමඟ ඇතිවන අධික වේදනාවයි. වරින්වර ඉතා ස්වලප වශයෙන් රුධිරය පිටවීම මෙන්ම, කොහෙත්ම රුධිරය පිට නොවීමත් විය හැකියි. වඩාත් වර්ධනය වූ අවස්ථාවලදී නිසරුභාවයට ප්‍රධානම හේතුවක් වේ.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම ආයූර්වේද ප්‍රතිකාර වලදී, අදාල රෝගයට හෙතු වූ රෝග මූලයට අවශ්‍ය ප්‍රතිකාරය ලබා දෙන අතර, ඩිම්භ උත්තේජනයට අවශ්‍යය ප්‍රතිකාර කිරීමයි. මෙම ප්‍රතිකාරය වලට අමතරව,
මා මිත්‍ර ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන්ගේ කංසා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළ වූ අන්තර්ජාල පෝස්ටරයක…
ලෝකය පුරා මේවන විට බෝ නොවන රෝග (Non Communicable Diseases) රැල්ලක් හමා යමින් පවතී. ඉහතදී…
මෙම ලිපියේ පළමු කොටස ෆැටි ලිවර් රෝගය පිළිබඳ ඉහත සාකච්ඡා කෙරුණි. එහි දී රෝගය…
මිනිස් සිරුරේ පිහිටි දෙවන විශාලම ඉන්ද්‍රිය වන්නේ අක්මාවයි. එහි මේදය තැන්පත්වීමෙන් Fatty Liver ගැටලුව ඇති…
මෙහෙම ලිව්වම වැඩියෙන් බලන්නේ කාන්තාවන්....ඒකමයි අරමුණත්...... රතිය පිළිබඳ කතාවේදී පුරුෂ සාධකය බෙහෙවින් නොසැලකිල්ලට භාජනය වන්නකි.…
මඳසරුභාව යනු කුමක් ද? මඳසරුභාවය ලෙස හඳුනා ගැනෙන්නේ, වසරක කාලයක් අනාරක්ෂිත ලෙස අඹුසැමි සම්බන්ධතා පවත්වා…