කාන්තාවකට උපතින්ම ඩිම්භ කෝෂ යුගලක් සතුය. එහි ප්‍රධාන කාර්ය්‍ය වන්නේ ඩිම්භ හෙවත් කාන්තා බීජ රඳවා ගැනීමයි. උපතින්ම ඩිම්භ කෝෂ වල මිලියනයක් පමණ ඩිම්භ පවතී. මුලු ජීවිත කාලය තුළම කාන්තාවකගේ ඩිම්භ වලින් ප්‍රයෝජනය ගැනෙන්නේ ඩිම්භ 400 පමණ ප්‍රමාණයකි. වයසට යාමේදී කාන්තා ඩිම්භ යම් ප්‍රමාණයකට තම ජීවී භාවය අඩු කර ගනී. එලෙස අඩුවන ඩිම්භ වල සක්‍රීය භාවය නැති වී යාම සිදු වන්නේ ආර්ථවහරණයත් සමඟයි. ආර්ථව හරණයේදී ඔසප් සෑදීම නවතින්නේ හෝමෝන ක්‍රියාවලියේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි.
මෙම අජීවී ඩිම්භ ඇති වීම සෑම කාන්තාවකගේම වයස තිස් ගණන්වල මැදහරියේදී ආරම්භ වී වයස අවුරුදු 45 පමණ වන විට සම්පූර්ණයෙන්ම ඩිම්භවල ක්‍රියාකාරීත්වය නවතී. මෙම ක්‍රියාවට හේතු වන්නේ කාන්තාවකගේ ලිංගික හෝමෝන වල ඇතිවන අසමබරතාවය සහ අප වැඩිපුර අසා නැති ප්‍රති මුලේරියල් AMH හෝමෝනයේ අඩු වීමයි.
මෙය කාන්තා හෝමෝනයක් වන අතර එමගින් ජීවී ඩිම්භ සංඛ්‍යාව ආරක්ෂා කරයි. යම් ලෙසකින් ප්‍රති මුලේරියල් හෝමෝනය පහත වැටුනොත් එමගින් ඇතිවන ප්‍රතිඵලය වන්නේ ජීවී ඩිම්භ සංඛ්‍යාව අඩු වීමයි. එනම් රුධිරයේ ඇති ප්‍රති මුලේරියල් හෝමෝන ප්‍රමාණය ඇයගේ සක්‍රීය ජීවී ඩිම්භ සංඛ්‍යාව සමග සම්බන්ධකමක් පෙන්වයි. මේ නිසා මෙම අගය මැන ගැනීම මඳසරුභාවයෙන් පෙළෙන කාන්තාවකට ඉතා වැදගත්ය.
මෙවැනි අය බොහෝ විට,
නමුත් බොහෝ ඩිම්භ කෝෂ තුළ සජීවී ඩිම්භ අඩු කාන්තාවන්ගේ මේ තත්ත්වය නිසි පරීක්ෂණයක් මගින්ම හදුනා ගත යුතුයි. එනම් සැඟ වී ඇති තත්ත්වයක් ලෙස මේ රෝගය ඇති කාන්තාවන් ඉතා බහුලය.
පැහැදිලිවම මේ වැනි තත්ත්වයන් ආයූර්වේද ප්‍රතිකාර මගින් බොහෝ සාර්ථකව සුව කළ හැකිය. එනම් මේ සජීවී ඩිම්භ ප්‍රමාණය වැඩි කර ගැනීම සදහා අවශ්‍ය රසායනිකය වන DHEA – de hydro epi androsterone ආයූර්වේද ඖෂධ වල අඩංගු වන බැවින් ක්‍රමානුකූල ආයූර්වේද ප්‍රතිකාර මගින් මේ තත්ත්වය සුව පත් කර ගැනීමේ බලාපොරොත්තු තබා ගත හැකිය.
යම් කාන්තාවකගේ ඔසප් චක්‍රය ඉතාමත් අක්‍රමවත් නම්. දිගු කලක් තිස්සේ ඔසප් සෑදීම සිදු නොවේ නම් එම කාන්තාවන්ගේ සජීවී සක්‍රීය ඩිම්භ සංඛ්‍යාව මැන ගැනීම වැදගත්ය. එවැනි කාන්තාවන්ට දරුවන් ලැබීම පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිය. එනම් ඩිම්භ සෛල උත්තේජනය එතරම් වැඩි වාර ගණනක් සිදු නොවූ නිසා ඇයගේ වයසට සරිලන තරම් හානියක් ඇයගේ ඩිම්භ සෛලවලට සිදු නොවී තිබිය හැකිය. මෙවැනි අයත් ආයූර්වේද ප්‍රතිකාර මගින් කරනු ලබන ප්‍රතිකාර වලට සුදුසු අයයි.
මා මිත්‍ර ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන්ගේ කංසා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළ වූ අන්තර්ජාල පෝස්ටරයක…
ලෝකය පුරා මේවන විට බෝ නොවන රෝග (Non Communicable Diseases) රැල්ලක් හමා යමින් පවතී. ඉහතදී…
මෙම ලිපියේ පළමු කොටස ෆැටි ලිවර් රෝගය පිළිබඳ ඉහත සාකච්ඡා කෙරුණි. එහි දී රෝගය…
මිනිස් සිරුරේ පිහිටි දෙවන විශාලම ඉන්ද්‍රිය වන්නේ අක්මාවයි. එහි මේදය තැන්පත්වීමෙන් Fatty Liver ගැටලුව ඇති…
මෙහෙම ලිව්වම වැඩියෙන් බලන්නේ කාන්තාවන්....ඒකමයි අරමුණත්...... රතිය පිළිබඳ කතාවේදී පුරුෂ සාධකය බෙහෙවින් නොසැලකිල්ලට භාජනය වන්නකි.…
මඳසරුභාව යනු කුමක් ද? මඳසරුභාවය ලෙස හඳුනා ගැනෙන්නේ, වසරක කාලයක් අනාරක්ෂිත ලෙස අඹුසැමි සම්බන්ධතා පවත්වා…