ආයූර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියවුණු ග්‍රන්ථ වන චරක සංහිථාවේ සහ සුශ්‍රැත සංහිථාවේදී මේ ගැන ඉතා විස්තරාත්මකව සඳහන් වෙනවා. චරක ග්‍රන්ථයේ ශරීරස්ථානයේදී සහ සුශ්‍රැත ග්‍රන්ථයේ නිදානස්ථානයේ ශුක්‍රදෝෂ නිධාන අධ්‍යාය, ශරීරස්ථානයේ ගර්භවක්‍රාන්ත අධ්‍යායේදී මේ විෂය පිළිබඳව ඉතා පුළුල් අධ්‍යනයක් කර තිබෙනවා.
මේ ග්‍රන්ථවල එන ඉතාම වැදගත් දෙයක් තමයි. පුරුෂ මඳ සරුභාවයට හේතු. මේ කරුණ මාධව නිධාන ග්‍රන්ථයේ තවත් විස්තර සහිතව දක්වා තිබෙනවා.
පැහැදිලිවම ඉතාම ලඟ සමානකමක් තිබෙනවා. ප්‍රධානවම පුරුෂ මඳසරුභාවයේදී එය ඇති වීමට බලපාන හේතූන් එදා මෙන්ම අදත් කොටස් කරන්නේ ඉතාම සමීප පිළිවෙලකටයි. එනම්,
ආහාරය නිසා පුරුෂ මඳ සරුභාවය ඇති වීමට විශාල ඉඩක් තිබෙනවා. ඉතාම මෑතකදී සිදු වූ පරීෂණයකින් පෙනීගියා පුරුෂ මඳ සරුභාවය සඳහා අධික මේද බහුල ආහාර හේතුවන බව. එම මේද සහිත ආහරය මගින් පුරුෂ මඳ සරුභාවය ඇති වනවා කියන කරුණ ආයූර්වේද ග්‍රන්ථවල ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා.
Fatty Diets May Be Associated With Reduced Semen Quality – ScienceDaily (Mar. 13, 2012)
ආයූර්වේදයේ සටහන් වෙන විදියට අති ව්‍යායාමයත්, මන්ද ව්‍යායාමයත් කියන දෙකම පුරුෂ මඳසරුභාවය සදහා හේතු වෙනවා. ඒ නිසා තම ශරීරයට අවශ්‍ය පමණට ව්‍යායාමයට යොමු වීම ඉතාම වැදගත්.
මෙම රෝග වලට ආයූර්වේද ප්‍රතිකාර කිරීමේදී රෝග වලට හේතු ඉවත් කිරීම ප්‍රධාන වෙනවා. ඒ සඳහා ආයූර්වේද ග්‍රන්ථවල ඇති චිකිත්සාවන් පිළිපැදිය යුතුයි.
මෙම මඳසරුභාවයට හේතුවන හෙතූන් සහ ඒවාට කළයුතු ප්‍රතිකාර විශාල ලෙස ආයූර්වේදයේ සඳහන් වෙනවා. නවීනයේ ඇති රෝග නිර්ණය කිරීමේ ක්‍රමවේදයන් ප්‍රයෝජනයට ගෙන රෝගය ඉතා පහසුවෙන් අද හදුනා ගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මගින් මෙවැනි ක්‍රමයෙන් බහුල වෙමින් පවතින රෝග අද ඉතාම නිවැරදිව සුව කර ගැනීමේ හැකියාව පවතිනවා.
මා මිත්‍ර ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන්ගේ කංසා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළ වූ අන්තර්ජාල පෝස්ටරයක…
ලෝකය පුරා මේවන විට බෝ නොවන රෝග (Non Communicable Diseases) රැල්ලක් හමා යමින් පවතී. ඉහතදී…
මෙම ලිපියේ පළමු කොටස ෆැටි ලිවර් රෝගය පිළිබඳ ඉහත සාකච්ඡා කෙරුණි. එහි දී රෝගය…
මිනිස් සිරුරේ පිහිටි දෙවන විශාලම ඉන්ද්‍රිය වන්නේ අක්මාවයි. එහි මේදය තැන්පත්වීමෙන් Fatty Liver ගැටලුව ඇති…
මෙහෙම ලිව්වම වැඩියෙන් බලන්නේ කාන්තාවන්....ඒකමයි අරමුණත්...... රතිය පිළිබඳ කතාවේදී පුරුෂ සාධකය බෙහෙවින් නොසැලකිල්ලට භාජනය වන්නකි.…
මඳසරුභාව යනු කුමක් ද? මඳසරුභාවය ලෙස හඳුනා ගැනෙන්නේ, වසරක කාලයක් අනාරක්ෂිත ලෙස අඹුසැමි සම්බන්ධතා පවත්වා…