මඳ සරුභාවයට ආයූර්වේදීය ප්‍රතිකාර කිරීම

ආයූර්වේදීයව මඳසරුභාවයට ප්‍රතිකාර කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුනු මොනවාද?

ප්‍රධාන වශයෙන් මඳසරුභාවයට ප්‍රතිකාර කිරීමේදී සැලකිය යුතු කරුණු කීපයක් ඇත.

  1. රෝගය හඳුනා ගැනීම – ස්ත්‍රී පුරුෂ වෙන් වෙන් වශයෙන් මෙහිදී ලබා ගන්නා පරීක්ෂණ වාර්ථා අනුව රෝගය මුලින්ම හඳුනා ගත යුතුය.
  2. රෝග නිධානය හඳුනාගත යුතුය – එනම් මෙහිදී ප්‍රධාන වශයෙන් රෝගයට ආසන්නම හේතුව සොයා ගතයුතුයි. එම හේතුව අදාල තත්ත්වයන් යටතේ විශලේෂණය කිරීමෙන් සෑහෙන දුරට රෝගය ගැන දැනගත හැකියි.
  3. රෝගයේ ඉතිහාසය – රෝගියාගේ රැකියාව/ ආහාර පාන පිළිබඳ විස්තර/ ජීවත්වන ප්‍රදේශය පිළිබඳ විස්තර/ ඇදුම් පැලදුම් පිළිබඳ විස්තර/ රෝගියාගේ පුරුදු/ පෙර වැලදී ඇති රෝග පිළිබඳ විස්තර. ආදිය පිළිබඳ තොරතුරු සොයා බැලිය යුතුයි.

ප්‍රතිකාර ලබන රෝගියෙක් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

රෝගයට ප්‍රතිකාර කිරීමේදී,

  1. ආහාර
  2. ව්‍යායාමය
  3. මානසික සමබරතාවය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

මඳ සරුභාවය ප්‍රධාන ආකාර තුනක් පවතී

  1. පුරුෂ මඳ සරුභාවය
  2. ස්ත්‍රී මඳ සරුභාවය
  3. හේතුවක් පැහැදිලි කළ නොහැකි මඳ සරුභාවය

මෙම අවස්ථාවලට ප්‍රතිකාර කිරීමේදී වෙන වෙනම උපක්‍රම භාවිතා කළ යුතුයි.

  • පුරුෂ මඳසරුභාවයට ඖෂධමය ප්‍රතිකාර සමඟ ආහාර, රැකියාව, කලින් ඇති වූ හෝ දැන් පවතින රෝග පිළිබඳවද,
  • ස්ත්‍රී මඳ සරුභාවයේදීද, ඖෂධමය ප්‍රතිකාර ආහාර සහ ව්‍යායාම කලින් ඇති වූ සහ දැන් ඇති රෝග පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි.
  • හේතුවක් නැති අවස්ථාවේදීද ඉහත ක්‍රමම අනුගමනය කරන අතර මානසික තත්ත්වය පිළිබඳවද සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි.

අයූර්වේදීය ප්‍රතිකාර

මඳසරුභාවය ඉතාම නිවැරදිව ආයූර්වේදීය ප්‍රතිකාර මගින් සුව කල හැක. ඒ සඳහා නිසි පරිදි පරීක්ෂණ වාර්තාවය ලබා ගනිමින් ක්‍රමාණුකූලව ප්‍රතිකාර කළ යුතුයි. ආහාර සහ ව්‍යායාමය නිසි පරිදි සිදු කල යුතුයි. මානසික සමබරතාවය තබා ගනිමි කරන ප්‍රතිකාරයෙන් මෙම තත්ත්වය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයෙන්ම සම්පූර්ණයෙන් සුව කළ හැක.

ආයූර්වේද ප්‍රතිකාර ලබා ගැනීමේදී ශරීරයේ ඇතිවන මෙම මුක්ත කන්ඩ ප්‍රති ඔක්සිකාරක මගින් ඉවත් කිරීමට උත්සුක විය යුතුය. එවිට පුරුෂ ජන්මානු සෛල ඉතා හොදින් සංඛ්‍යාවෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම හැඩයෙන් ද නිරෝගීව වර්ධනය වේ. මෙම හැකියාව ඇති ප්‍රධානම ද්‍රව්‍ය වන්නේ ශාකමය ආහාරයි. එම නිසා ශාකමය ආහාර භාවිතය වැඩි කිරීම මේ ප්‍රතිකාරවල ගුණදායක බව වැඩි කිරීමට දායක වේ. එසේම වැඩිපුර ප්‍රතිඔක්සිකාරක ආහාර නිතර ගැනීමෙන් මෙවන් සරුභාවය පිළිබඳ ප්‍රශ්න ඇති නොවීමට ද හේතු වේ.

Dr. Susantha Ranasinghe

The founder of ‘Nugegoda Ayurvedic Clinic for male and female infertility’ Dr. Susantha is an outstanding Ayurvedic physician & researcher, who has championed the cause of Ayurvedic herbalism in the northern parts of rural India and brought for the benefit of Ayurveda in Sri Lanka.

Share
Published by
Dr. Susantha Ranasinghe

Recent Posts

අමුවෙන් කංසා බොන්න සොඳා

මා මිත්‍ර ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන්ගේ කංසා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළ වූ අන්තර්ජාල පෝස්ටරයක…

4 years ago

තරුබාරුවෙන් පෙලේද? එසේ නම් කීටෝ ආහාර ඔබටත් සුදුසුද?

ලෝකය පුරා මේවන විට බෝ නොවන රෝග (Non Communicable Diseases) රැල්ලක් හමා යමින් පවතී. ඉහතදී…

4 years ago

Fatty Liver Part 02

මෙම ලිපියේ පළමු කොටස    ෆැටි ලිවර් රෝගය පිළිබඳ ඉහත සාකච්ඡා කෙරුණි. එහි දී රෝගය…

4 years ago

Fatty Liver/ Hepatic Steatosis – අක්මාවේ මේද තැන්පත්වීම

මිනිස් සිරුරේ පිහිටි දෙවන විශාලම ඉන්ද්‍රිය වන්නේ අක්මාවයි. එහි මේදය තැන්පත්වීමෙන් Fatty Liver ගැටලුව ඇති…

4 years ago

පිරිමියා පිළිබඳ රති කතාව….. Part – 01

මෙහෙම ලිව්වම වැඩියෙන් බලන්නේ කාන්තාවන්....ඒකමයි අරමුණත්...... රතිය පිළිබඳ කතාවේදී පුරුෂ සාධකය බෙහෙවින් නොසැලකිල්ලට භාජනය වන්නකි.…

5 years ago

මඳසරුභාවයේ පැතිරීම හා ඉතිහාසය

මඳසරුභාව යනු කුමක් ද? මඳසරුභාවය ලෙස හඳුනා ගැනෙන්නේ, වසරක කාලයක් අනාරක්ෂිත ලෙස අඹුසැමි සම්බන්ධතා පවත්වා…

5 years ago